පාඨක ඔබ සමග අපේ හෙට දවස


වර්ල්ඩ්සිලෝන් ඊ නිවුස් ක්ෂණිකව කාගේ හෝ අවශ්‍යතාවයක් අනුව බිහි වූ අන්තර්ජාල පුවත් පතක් නොවේ.මෙහි ඉතිහාසය 2003 වර්ෂය දක්වා දිවෙනු ඇත.එවකට විදේශගතව ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කරන ලද ක්‍රමවත් සගරාවක් නොතිබු කාලයක අප ඒ කාර්ය සදහා ඉදිරිපත් වීමු.එකල ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ඉතාලියේ රැකියාවට ගොස් සිටියහ.ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මව්බිමේ තොරතුරු ඔවුන් වෙත ගෙන යාමේ අරමුණින් වර්ල්ඩ්සිලෝන් ,නමින් සගරාවක් වර්ල්ඩ්සිලෝන් නිව්ස්පේපර් ආයතනය විසින් ආරම්භ කළේය.එය 2003 සිට 2006 වසර දක්වා මාසිකව වාර ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ මුද්‍රණය කර ඉතාලියට යැවීය.ඉන් පසු එහි දිගුවක් ලෙස www.worldceylon blogspot.com බ්ලොග් අඩවිය නිර්මාණය වන්නේය.


ඉන් පසු නවීන තාක්ෂණය හමුවේ මුද්‍රිත මාධ්‍ය තුළින් පාඨකයා බහුමාධ්‍ය කලාව වන අන්තර්ජාල තොරතුරු වෙත සංක්‍රමණය වීමත් සමග අප සගරාව ද විද්‍යුත් ප්‍රකාශනයක් ලෙස මව්බිමේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු ලොව පුරා සිටින අපගේ පාඨකයින්ට තම මව්භාෂාවෙන් ද ඉංග්‍රීසි භාෂාවෙන් ද රට තුළ  ආර්ථික දේශපාලනික, සමාජීය තොරතුරු, විනෝදාස්වාදය සහ විවිධ විශේෂාංග එක් කරමින් 2017 වර්ෂයේ සිට අන්තර්ජාල පුවත්පත ලෙස ආරම්භ විය .මේවන විට අප ඔබේ පාඨක ප්‍රතිචාර හමුවේ සාර්ථක වී ඇත්තේය.එයට විශේෂ හේතුව ලෙස අප දකින්නේ අපටම ආවේණික පුවත් සහ විශේෂාංග සොයා යාමත්, එමෙන්ම සමබර ලෙස පුවත් පළ කිරීමත්ය. යම් පුවතකට අදාලව සමාජීය පොදු මහජනතාවගේ දැක්මක් ද සහිතව පුවතකින් ඔබ්බට ගිය පුවතක් ලෙසින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයයි.. විශේෂයෙන්ම දේශපාලනිකරණය නොවෙමින් ඔවුන්වෙත සෘජුවම ආමන්ත්‍රණය කළ හැකි වටපිටාවක් අප විසින් නිර්මාණය කරගෙන ඇත.කිසිදු ආකාරයේ රටට ජාතියට මෙන්ම ආගම්වලට ද සංස්කෘතියට මෙන්ම මෙරටේ ජීවත්වන කෝටි දෙකකට වැඩි ජනතාවට අකටයුත්තක් වන ලෙස අප හැසිරෙන්නේ නැත.


එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ පටු අරමුණු වෙනුවෙන් අපගේ පෑන මෙහෙයවන්නේ ද නැත.මෙරටේ මහජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අප මේ කේෂ්ත්‍රය තුළ දැනුමෙන් සහ අධ්‍යයනයෙන් සුදුසුකම් සපුරා ඇත.එහෙයින් අප වෙනයම් පාර්ෂවයක නියෝග අනුව ක්‍රියාත්මක වීමට හෝ ගුරුහරුකම් අනුව කටයුතු කිරීමට සැදී පැහැදී නැත.එසේ අපට බලපෑමක් කරනවා නම් කළ හැක්කේ , මේ කේෂ්ත්‍රයේ ප්‍රවීණයින් වන අපගේ ගුරුභවතුන්ට පමණී.ඔවුන්ගේ දැනුමෙන් පෝෂණය වු අප සමාජයට හෝ මෙරටේ ජනතාව කිසිවිට අසාධාරණයක් සිදු ෙනාකරන්ෙනමු.


තාක්ෂණයේ දියුණුව තුළ අන්තර්ජාල බහු මාධ්‍ය භාවිතය මැනවින් සිදු කරමින් එහි වෘත්තීමය වශයෙන් නියලීමට අපට හැකියාව සහ සුදුසුකම් ඇත්තේය.එහෙයින් අපේ දයාබර පාඨකයනි,ඔබ අප සමග හෙටත් අනාගතයටත් රැදී සිටින්න.ඔබගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කිරීමට, දැනුම තොරතුරු සහ කාලීන පුවත් විශ්වසනීයත්වයකින් යුතුව ලබාදීමට අප වගකීමෙන් බැදී සිටිමු. නව වසරේ ඔබට ජය!


කර්තෘ වර්ල්ඩ්සිලෝන් ඊ නිවුස්