එල්ලෙන්න වැල් නැති නළු බට්ටෝ.


සියදිවි නසා ගැනීම ඕනෑම පුද්ගලයෙකුට සිදු කරගත හැකිය. එයට ජාති, ආගම්, වර්ග භේද, ස්ත්‍රී. පුරුෂ කිසිවක් නැත. ඒ වගේම වයස සිීමාවක් ද නැත. කුඩා දරුවන් සියදිවි නසා නොගන්නේ ඔවුන්ට ඒ පිළිබද අවබෝධයක් නැති නිසාය. අවබෝධයක් ඇති පුද්ගලයින් සියදිවි නසා ගන්නේ සිතීමේ සීමාව නතර වූ විටය.


සිතීමේ සීමාවක් නොමැති පුද්ගලයින් අනන්තයටත් එහා ගොස් සිතයි. එසේ සිතන විට ඇතිවන ගැටළු විසදී හමාරය. සිතීමේ සීමාවක් ඇති කරගන්නෙත් එහි සීමාව අසීමිත කර ගන්නෙත් පුද්ගලයාමයි. එහිදී පුද්ගලයා සිත රවටයි. එසේ නොමැති නම් රැවටුණායැයි සිතයි. එහෙත් සිත නොරැවටෙයි. සිතට සිතෙන දේ කරන්න හැර බලා සිටි. අවසානයේ දී සිතට සිතුන දේ කරයි. පුද්ගලයාට සිත අහිමි වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිතට සිත ද අහිමිි වෙයි.


මෙය සිහින ලොවක මායාවකි. මේ මායාව රඟපෑමකි. සිතය හොරා රඟපාන නළුවෝ රංගනයේ දී අසාර්ථක මෙන්ම ජීවිතයේ දී ද අසාර්ථක වෙයි. ඔවුන් නළුවෝ නොව නළු බට්ටෝය. නියම නළුවෝ නම් සිතත් සමඟ රඟපායි. ඔවුන් සිත හා සිතුවිල්ලට වහලෙකු නොවෙයි.එවැනි නළුවෝ රංගනයේ දී සාර්ථක වන්නේ නළුවෙකුට එහා ගිය චරිතයක් ලෙසින්ය. එවැනි නළුවෝ ජීවිත කාලයටම මිනිසුන්ගේ සිත් තුළ ඒ සිත රදවයි. ඔවුන් සිත වහලෙක් කර රඟපාන අතර ඔහුට අල්ලස් ගෙවන්නේ ද නැත.


වර්තමානයේ නළුවෝ, නළුවෝ නොවෙයි, ඔවුන් රඟපාන්නේ ද නැත, එහෙත් රඟපෑමක් කරයි, ඒ ඔහුට පමණි, ප්‍රේක්ෂකයින් ඔහු රඟනොපාන බව දනී, ඊයේ පෙරේදා දිවිනහගත් නළුවා හොඳ රඟපෑමක් කළාය. ඒ රඟපෑම ඔහු තනිවම කළ රංගනයක්ය.ප්‍රේක්ෂකයින් ඔහු නළුවෙක් ලෙස පිළිගත්තා යැයි ඔහු සිතුවත් මිනිසුන් එසේ සිතුවේ නැත. එම නිසාම ඔහුට ලැජ්ජා සිතී ගෙල වැලලාගෙන මිය ගියේය. ජීවිත රඟපෑම පිළිබද උගත්තු සැබෑ නළුවෝය. ඔවුන් වේදිකාවේ, ද සමාජයේ, ද යම රජ්ජුරුවෝ ඉදිරියේ, ද හොඳින් රඟපා අපායට නොවැටී දිවිය ලෝකයේ යයි. ඒකට කියන්නේ උපාය දන්නෝ අපායේ නොවැටෙති යන්නයි. දසුන් ඔබ උපාය නොදැන සිටි නිසා අපායේ වැටුණි.