අනාගතයේ බිහිවන තාක්ෂණික මංකොල්ලකරුවෝ.


මෙය සටහන් තැබීමට සිත් වූයේ අනාගතය වෙනුවෙන්ය. තාක්ෂණය දියුණු වූයේ මිනිසාගේ බුද්ධියේ බල මහිමයක් ලෙසය. ඒ ඔහුගේ ක්‍රියාකාරකම් වල පහසුව සදහාය. එහෙත් සෑම නිවරදි දේකම වැරදි පැත්තක් තිබේ. වැරදි කිරීමට මිනිසා පෙළඹෙන්නේ නිතැතින්මය. හොඳ දෙයක් කිරීමට සිත යොමුවන්නේ අල්පයකටය.


පසුගිය දිනවල ලෝකයේ ප්‍රධාන පුවත් වාර්තා සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාව වුයේ නිව්යෝක් නුවර මූලස්ථානය ලෙස පිහිටි තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32 කට අධික මුදලක් පරිගණක දත්ත වෙනස් කර හැක් කිරීමකින් ලබාගෙන ඇති බවයි. ඉන්දියා, ශ්‍රී ලංකා, කාම්බෝජ, යන රටවල පුද්ගලයින් කිහිපදෙනෙක් මෙම සිදුවීමට සස්බන්ධව සිටී. ලංකාවේ මේ සඳහා මූලික වී ඇත්තේ Litro .ගෑස් සමාගමේ සභාපති සහ හිටපු ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයෙකි.මේ වන විටත් ඔවුන් සියලු දෙනා අත් අඩංගුවට පසුවේ


මෙය ගමේගොඬේ චණ්ඩියෙකුට හෝ මංකොල්ලකරුවෙකුට කළ නොහැකිය.තාක්ෂණික ලෝකයේ මංකොල්ලකෑම් සහ වංචාවන් සිදු කරන්නේ උගතුන් සහ බුද්ධිමතුන් විසින්ය. එවැනි සිදුවීම් තුළ සමස්ත ක්‍රමවේදයම අවුල්විය හැකිය. මන්දයත් බුද්ධිමතුන්ගේ සහ උගතුන්ගේ නිර්මාණයක් වන ලෝකයේ දියුණුව ඔවුන් විසින්ම වැරදි ආකාරයට භවිතා කළහොත්, ඒවා භාවිතාකරන්නන් සහ පොදු මහජනතාවට කිසිදු පිහිටක් නොමැත.


නිර්මාණකරුවාම නිර්මාණයේ වංචාකරුවන් වන්නේ නම් ඒවා නිවරදි කිරීම කරන්නේ කවුද? මෙම මහා පරිමාන ජාත්‍යන්තර වංචාවට සම්බන්ධ පුද්ගලයින් පරිගණක විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර උගතුන්ය. ඔවුන් තමන්ගේ දැනුම යොදවා මංකොල්ලකෑම් සිද්ද කරනවා නම්, දඩුවම් දෙන්නේ කවුරුන්ද? අනෙක් අතට ලෝකයේ තාක්ෂණිකව දියුණු වූවත් එය තාමත් අනාරක්ෂිතව පවතින බව මෙයින් පෙනීයයි. යම් හෙයකින් අනාගතයේ මෙවැනි ක්‍රියාමාර්ග හරහා ලෝකයේ සියළුම දෛනික ක්‍රියාවලීන් අඩපන විය හැකියි.


මිනිසා විසින් මිනිසාගේ යහපතට කරන ක්‍රියාවන් ඔහුගේම අභාග්‍යයට හේතුවන්නේ මෙවැනි අවස්ථාවලදීය. මෙවැනි නීති විරෝධි ක්‍රියාවන්ට දඩුවම් ලබාදීම කෙසේ සිදු කළ යුතුද? අනාගතයේ දී මිනිසුන් විසින් නිර්මාණය කරන මෙවැනි රොබෝ හොරුන් විසින් මෙවැනි හොරකම් කළහොත් රොබෝ හිර ගෙවල් ඉදිකිරීමට සිදුවනු ඇත. එ දිනක දී ලෝකයේ සියළු හොරු එළියේ සිටියදී අහිංසන රොබෝ මිනිසුන් සිර දඩුවම් විඳී. එය හරියට වර්තමානයේ සිදුවන ක්‍රියාදාමයට සමානය.