January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

ක්‍රීඩා පුවත්

    January 19, 2018, 3:20 am0

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි

    වසරක් පාසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් නම් කරනු ලැබේ. අවසන් වූ 2017 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ විශිෂ්ටතමයන් නම් කිරීම ඔවුන් පසුගිය දා සිදු කර තිබුණි. එහිදී වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවට මේ වසරේ ලොව වඩාත් කතාබහට ලක් වූ ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි තේරී පත්විය.විරාත් කෝලි මීට අමතරව වසරේ එක්‌දින ක්‍රීඩකයා වශයෙන්ද සම්මාන දිනා ගත්තේය.

    January 11, 2018, 5:19 am0

    වෘත්තීමය ක්‍රීඩකයින් සදහා රැකියා අවස්ථා.

    ශ්‍රී ලංකාවේ සිටින වෘත්තීයමය ක්‍රීඩකයින් සංඛ්‍යාව අ‍තළොස්සක් වන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම පෞද්ගලික රාජකාරි හා අනෙකුත් කටයුතු අතර තුර, ඉඩප්‍රස්තා ලැබෙන අවස්ථාවල දී පමණක් ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වීම දක්නට ලැබෙන දෙයකි. ජාත්‍යන්තර තරග ඉලක්ක කරගනිමින් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු සංචිතවලට ඇතුළත් කරගෙන තාක්ෂණික පුහුණුව, ආහාරපාන, වෛද්‍ය උපදේශකත්වය, ඖෂධ ආදිය නිවැරදි මගපෙන්වීම යටතේ ලබා දීම ඉතා වැදගත් වේ.

    December 21, 2017, 6:09 am0

    මව්බිමේ ක්‍රිකට් හතුරුසිංහට බාරදෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඊයේ (20) දින රාජකාරී ආරම්භ කළ චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ, තමන් හරි වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරගත් බවයි. ඔහු මේ අදහස් දැක් වූයේ ඊයේ හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හතුරුසිංහ මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලාංකිකයකු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බරයට මෙන්ම සතුටට කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට තම ස්තූතිය පිරිනමන බවත්ය.

    December 11, 2017, 12:45 am0

    එක්දින තරගාවලියේ පලමු තරගයේදී: ශ්‍රි ලංකාවට වර්ථාගත ජයක්, ඉන්දියාවේදී

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු (10)දින තරගය කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වුණා.

    December 8, 2017, 3:57 pm0

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චන්දික හතුරුසිංහට

    පසුගිය 06 වැනිදා රැස් වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභා රැස්වීමේ දී පැවති සාකච්ඡාවකින් පසුව ,චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථිර වශයෙන්ම පත් කිරිමට තීරණය කර තිබේ.ඒ අනුව ඔහු ලබන 20 වැනි දා කණ්ඩායම සමග එක් වී තම රාජකාරී ආරම්භ කරනු ඇත.

    November 12, 2017, 3:54 pm0

    චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?

    බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.

    October 29, 2017, 4:51 pm0

    මුරලිදරන් ක්‍රිකට් ගැන කතා කරයි

    මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවකට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයාගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟපන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්ට් සහ එක් දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබේ. මෙවැනි හපන්කම් කළ ක්‍රිකට් වීරයෙකුගෙන් මෙරට ක්‍රිකට්වලට නෙළාගත හැකි ඥනය කොතරම් තිබේද?නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටී. ඔහුට කිසිවකුගෙන් ආරාධනාවක් ද නැත. මේ මුරලි සමඟ කළ සාකච්චාවක උපුටා ගැනීමකි.

    October 10, 2017, 6:34 pm0

    අර්ජුනට ක්‍රිකට් ගැන කතා කිරීමට අයිතියක් ඇත.

    මහා නියඟයෙන් පසු ඇදහැළුණු පොද වැස්සක් සේ පසුගිය දා පකිස්තානයට එරෙහිව ලැබූ ටෙස් ජය සැලකිය හැකියි. එයින් ක්‍රිකට් ක්‍රිඩාවේ සියලු ප්‍රශ්ණ විසදුනා යැයි සිතනවා නම්, එය දේශපාලකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සිහිනයකි. ක්‍රිකට් පිළිබද සැබෑ උවමනාවක් මෙන්ම ඒ පිළිබද ඉහළම දැනුමකින් අදහස් දැක්විමට සුදුස්සා අර්ජුන රණතුංග හැර වෙන කිසිවෙක් සිටීද?. ක්‍රිකට් ජයග්‍රහණයේ නියමුවා වන රණතුංගට ක්‍රිකට් පරිපාලනය නුසුදුසු වන්නේ කෙසේද?.ඔහු මේ තනතුරු වලට නොගැලපෙන්න ප්‍රධාන හේතුව ක්‍රිකට් පරිපාලනය මුදලාලිකරණය වීම නොවේද?. ඔහු සැමදා මේ මුදලාලිකරණයට එරෙහිව කතා කළ අයෙකි. අද ක්‍රිඩාව විනාශ වී යද්දී ඒ වේදනාව අවංකවම ඔහුට දැනෙන්නේ , ඔහු ක්‍රිකට් නිසා අසීමිත සතුටක් මෙන්ම ජයග්‍රහණයන් ද ලැබූ අයෙකු හෙයිනි. එය ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ වෙනත් ආකාරයකටය. එසේ දැණුන ප්‍රේක්ෂකයින් සේ පෙනී සිටින අය පිටිය මැදට පැමිණ ක්‍රිඩකයින්ට උපදෙස් දීමට උත්සාහ කළහොත් ක්‍රිඩකයින්ගේ තත්වය කුමක්ද?. අද උදා වී ඇත්තේ එවැනි තත්වයකි.

    October 3, 2017, 5:57 am0

    ශ්‍රී ලංකාවේ ජය, කණ්ඩායමට ශක්තියක්.

    අබුඩාබිහි ශ්‍රී ලංකා සහ පකිස්තානය අතර පැවැති පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    September 28, 2017, 6:08 am0

    ICC ය ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති එක් කරයි.

    අද දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන සහ බංගලාදේශ දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියේ සිට ICC (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව සදහන් කරයි.

    NEXT