April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

වින්දනීය පුවත්

    December 24, 2017, 5:20 pm0

    අක්මාවක් දුන් කෙනාට අක්මාවක් නැති අයෙකු සේ සලකන නාමල් උඩුගම

    කලාව මෙන්ම කලාකරුවාද කැපවනුයේ සහෘදයින් හට ගුණාත්මක රසවින්දනයක් ලබාදීමටයි. ඒ සදහා ගායකයා ගීතයෙන්ද රංගන ශිල්පියා රංගනයෙන් ද පිටපත් රචකයෙකු හෝ නවකතාකරුවෙකු සාහිත්‍යයෙන් මෙන්ම කලාවේ නොයෙක් ඉසව් තුළ සිටින කලාකරුවෝ තම නිර්මාණකරණයන් තුළින් ද සහෘර්දයින් පිනවීමට උත්සාහ කරති.එය ඔහුගේ වෘත්තීය ද කාර්ය භාරය ද යුතුකමද වන්නේය.එකී කාර්ය වෙනුවෙන් කලාකරුවාට කොපමණ මුදලක් ලැබෙන්නේ දැයි යන්න අප රටේ සහෘදයකු කිසිවිටකවත් අසන්නේ නැත.එසේ වුවත් කලාකරුවෙකුට විපතක්වන විට හෝ විපතක් වූ විට ඇසු දුටු පමණින් අපේ සහෘදයන් ඔවුන්වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ සැබෑ මනුෂ්‍යත්වයෙන් මිස මිල මුදල් බලාගෙන නොවන බව නිසැකය.එසේ ඉදිරිපත් වූ අහිංසක මිනිසුන්ට පෙරලා කෘතගුණ සැලකීමට නෙදන්නා ගුණමකු කලාකරුවන් යැයි කියා ගන්නා අයත් අප අතර සිටින බව අපට මේ දිනවල අසන්නට දකින්ට ලැබෙයි.

    December 22, 2017, 3:55 pm0

    2016,ඕස්ට්‍රේලියා සංගණන වාර්තා අනුව :නිර් ආගමිකයන් ඉහළට.

    ඕස්ට්‍රේලියාවේ ආගමික ඇදහිලි පිළීබද කරන ලද සංගණනයකට අනුව නිර් ආගමිකයින් සංඛ්‍යාව ඉහළ යන බවත් පොදුවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 52% ක් වන බවත් හෙළිදරව් වී තිබේ.මෙම සමීක්ෂණයට අනුව එරට තුළ ක්‍රිස්තියානී දහමට පසුව වැඩි පිරිසක් නැඹුරුව ඇත්තේ ඉස්ලාම් හා ( 2.6%) බුද්ධාගම (2.4% )වෙත බව හෙළිව ඇත.මෙම සංගණන වාර්තාවේ විශේෂත්වය වන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති සංඛ්‍යව 2016 වසර වන විට 30% ක් පමණ වන බව දැක්වීමයි.

    December 18, 2017, 4:34 pm0

    අද්විතීය රංගන පෞර්ෂයකින් හෙබි ප්‍රතිභාන්විත රංගනවේදිනිය -අයිරාංගනී සේරසිංහ

    අයිරාංගනී රොක්සානා මීදෙණිය, ඒ නමින් හැදින්වෙන්නේ කවුරුන්ද යන්න සමහර විට ඔබේ සිතට ගැටළුවක් ඇති කරනවා විය හැකිය.එසේ වුවත් අයිරාංගනී සේරසිංහ යැයි කියු පමණින් ඔබේ සිතට රේඛාව චිත්‍රපටයේ සිට ඩල්සි ආච්චි පමණක් නොව සුදු හාමිනේ ද මතකයට නැගෙන බව නිසැකය.ලාංකීය ඉංග්‍රීසි නාට්‍ය ඉතිහාසය පිලිබදව අධ්‍යයනය කළ අයෙකුට ,දේශිය ඉංග්‍රීසි නාට්‍ය කාලවේ දීප්තිමත්ම යුගයක පායා ඒ ප්‍රතිභාන්විත රංග පෞර්ෂය කිසිදා අමතක නොවේ.

    December 16, 2017, 5:25 pm0

    කෝලි අනුෂ්කා යුවල මධුසමයට කොහේ ගියාද?

    අලුත විවාහ වූ බොලිවුඩ් සිනමා තරකාවිය, අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හිම වැටෙන් කදුකර ප්‍රදේශයක තම මධුසමය ගත කරන ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබේ.නමුත් ඔවුන් සිටින්නේ කෙහේද යන්න පිළිබදව සදහනක් කර නොමැත.

    December 12, 2017, 2:53 pm0

    සෞදි අරාබිය චිත්‍රපට කර්මාන්තයට පිවිසෙයි.

    දැඩි මතධාරී මුස්ලිම් පාලන ක්‍රමයක් පවතින සෞදි අරාබියේ විනෝදාස්වාය සහ කලාව ආගම, නාමයෙන් තහනම් වී තිබුණි. එහෙත් ප්‍රතිසංස්කරණවාදී නව නායක ඔටුන්න හිමි මොහොම්මොද් බින් සල්මන් තරුණ නායකත්වය නවීන යුගයට ගැලපෙන අයුරින් ක්‍රියාකිරීම හේතුවෙන් සෞදි අරාබිය යුගයට ගැලපෙන රටක් බවට පරිවර්තනය වෙමින් පවතී.

    December 11, 2017, 5:53 am0

    සංජය ලීලා බන්සායි සහ දීපිකා පදුකෝන්ට මරණ තර්ජන ගෙන ආ පද්මාවතී

    2017 නොවම්බර් 17 බොලිවුඩ් සිනමාවේ තවත් නවතම චිත්‍රපටයක මංගල දර්ශනය සදහා සිනමා ශාලා සුදානම් විය.සිනමා ශාලා හිමියෝ ඉතා විශ්වාසයෙන් තම ආදායම් පිළිබද බලාපොරොත්තු තබා ගත්තේ, එම චිත්‍රපටය සංජය ලීලා බන්සායිගේ චිත්‍රපටයක් නිසාය.ඔහුගේ පෙර චිත්‍රපට සියල්ල ආදායම් වාර්තා තැබූ ඒවා නිසා මෙවර ද ඒ පිළිබද සැකයක් ඇති වූයේ නැත.එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි.පද්මාවතී නවතම චිත්‍රපටය සදහා සතර දිගින් විරෝධතා එල්ල වන්නට විය.අධ්‍යක්ෂවරයාට මෙන්ම ප්‍රධාන චරිතය රගපෑ දීපිකා පදුකෝන්ට මරණීය තර්ජන එල්ල වූ අතර විරෝධතාකරුවන් ප්‍රචාරක පුවරු කඩා දමන්නටත්, පොස්ටර් ගිනි බත් කරන්නටත් සිනමාහල්වලට අලාභහානි කිරීමටත් පටන් ගත්හ.ප්‍රධාන නළු චරිතය රගපෑ රන්වීර් සිං ට ද තර්ජන එල්ල වන්නට විය.මේ හේතූන් මත චිත්‍රපට ප්‍රදර්ශනය දෙසැම්බර් 01 දා දක්වා කල් ගියේය.එදින පැවති විරෝධතා හේතුවෙන් මේවන විට චිත්‍රපට ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් දමා ඇත.මේ අතර චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේ්‍ඨාධිකරණයෙන් කළ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප වී තිබේ.අවසානයේදී ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කළේ, මේ පිළිබද තීරණය ගැනීමේ අයිතිය ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය ගත හැකි බවට දැන්වීමයි.

    December 7, 2017, 2:33 pm0

    රාජකීය මංගල්‍ය 2018 දී .

    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරු විවාහ වීමට තීරණය කළ බව බැකිම්හැම් මාළිගය නිවේදනය කර තිබේ.ඔහු විවාහ ගිවිස ගෙන ඇත්තේ ඇමරිකානු නිළියකවන මෙගාන් මේකල් සමගය.විවාහය සදහා තවම ස්ථිර දිනයක් නිවේදනය කර නොමැති අතර , බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ, විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවන දරුවා බිහිවීමෙන් පසුව බොහෝ දුරට විවාහ මංගල්‍ය උත්සවය ගැනීමට ඉඩ ඇති බවයි.එය ලබන මැයි මාසයේ දිනයක් විය හැකි අතර, විවාහය වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්නථානයේදී සිදු කිරීමට තීරණය කර ඇත.තවමත් ඇමරිකානු ජාතික කාන්තාවක්වන මෙගාන්, විවාහයෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකත්වය ලබා ගන්නා බව දැනගන්නට තිබේ. මොවුන්ගේ මංගල්‍යයේ සියළු වියදම් චාල්ස් කුමරු සහ රැජින විසින් දරනු ලබයි.

    December 5, 2017, 8:01 am0

    ඉන්දීය සිනමා තාරකාවක් නිවී යයි.

    භාරත සිනමාවේ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකුවන ශිෂී කපූර් දෙසැම්බර් 04 ඊයේ මියගොස් තිබේ.මිය යන විට 79 වැනි වියේ පසු වූ ශිෂී කපූර් දීර්ඝ කාලයක් වකුගඩු රෝගයකින් පීඩා වින්ද බව ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර තිබේ.මුම්බායි හි කෝකිලාවෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අගමැති නරේන්ද්‍ර මෝදි ද ඔහුගේ මරණය වෙනුවෙන් ශෝඛ පණිවිඩ නිකුත් කර තිබේ.

    December 4, 2017, 5:14 pm0

    මහාසුපින සමග මහාචාර්ය ඇතුගල නැවතත් වේදිකාවට

    පර්යේෂණාත්මක නිර්මාණකරණය මෙන්ම විශ්ව කලා සම්ප්‍රදායන් අධ්‍යයනය තුළින් දේශීය කලාවට මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපන කේෂ්ත්‍රයට ද දායකත්වය ලබාදීමට ඔහු නිරන්තරයෙන් වීර්ය කරන්නේය.ඒ තුළින් ප්‍රේක්ෂකයාට ද .තම සිසුන්ට ද ඔහු විශිෂ්ට සේවයක් කරන බව කිව යුතුමය.ඔහු අන් කවරෙකුවත් නොව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ය.කළකට පසුව නාට්‍ය නිර්මාණකරණයට පිවිසුණු ඇතුගලයන් මහසමයම වේදිකා නාට්‍ය හරහා දේශිය වේදිකාවට නව මානයක් සොයා දිමට උත්සාහ කළේය.ඔහුගේ ඒ පෙර ගමන පසු පරපුර කෙසේ ග්‍රහණය කරගන්නේ දැයි අප බලා සිටිමු.මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නවතම නිර්මාණාත්මක, පර්යේෂණ නාට්‍ය මහාසුපින දෙසැම්බර් 05 කැළණිය විශ්ව විද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේ දී මංගල දැක්ම සදහා සුදානම් වන්නේය.

    December 1, 2017, 3:44 pm0

    ජැක්සන් Mollywood (කේරළ) සිනමාවට

    ලෝක සිනමාවේ මොලිවුඩ් (Mollywood) ලෙස හදුන්වන කේරළ ප්‍රාන්තයේ මලයාලම් චිත්‍රපටයක රංගනය සදහා ප්‍රථමවරට ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනීට අවස්ථාව ලැබී තිබේ.මෙම චිත්‍රපටය දෙසැම්බර්වල සිට රූගත කිරීම් ආරම්භ කිරිමට නියමිත බව ද වාර්තාවේ.ජැක්සන් රංගනයෙන් දායකවීමට නියමිත මෙම චිත්‍රපටය ප්‍රසිද්ධ මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර් අධ්‍යක්ෂණයකි.

    PREVIOUSNEXT