January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

දසත පුවත්

    December 6, 2017, 9:08 am 0

    ගෝඨෘගේ අතුරු තහනම දිගු වෙයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නිතිමය පියවර නොගන්න යැයි අභියායචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතුරු තහනම් නියෝගයේ කාලය යලි දිගු කිරීමට අද (06) යලිත් තීන්දු කෙරිණි.

    December 5, 2017, 2:42 pm 0

    පක්ෂ මාරුව ඇරඹෙයි ද?

    විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී S L F P සමහ එක් වී කටයුතු කිරීමටසුදානමක් පවති බව වාර්තාවේ .ජනතා විමුක්ති පෙරමුණෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි වීරකුමාර දිසානායක, පසුව විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත්වීමත් සමග ඔහු හා එක් වි ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගත්තේය.මෙම අවස්ථාවේ තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වනනේ ඇයි යන්න පැහැදිලි කරමින් ඔහු පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ.අද දින අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තම අදහස් ඉදිරිපත් කළේය.

    December 5, 2017, 8:01 am 0

    ඉන්දීය සිනමා තාරකාවක් නිවී යයි.

    භාරත සිනමාවේ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකුවන ශිෂී කපූර් දෙසැම්බර් 04 ඊයේ මියගොස් තිබේ.මිය යන විට 79 වැනි වියේ පසු වූ ශිෂී කපූර් දීර්ඝ කාලයක් වකුගඩු රෝගයකින් පීඩා වින්ද බව ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර තිබේ.මුම්බායි හි කෝකිලාවෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අගමැති නරේන්ද්‍ර මෝදි ද ඔහුගේ මරණය වෙනුවෙන් ශෝඛ පණිවිඩ නිකුත් කර තිබේ.

    December 4, 2017, 5:14 pm 0

    මහාසුපින සමග මහාචාර්ය ඇතුගල නැවතත් වේදිකාවට

    පර්යේෂණාත්මක නිර්මාණකරණය මෙන්ම විශ්ව කලා සම්ප්‍රදායන් අධ්‍යයනය තුළින් දේශීය කලාවට මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපන කේෂ්ත්‍රයට ද දායකත්වය ලබාදීමට ඔහු නිරන්තරයෙන් වීර්ය කරන්නේය.ඒ තුළින් ප්‍රේක්ෂකයාට ද .තම සිසුන්ට ද ඔහු විශිෂ්ට සේවයක් කරන බව කිව යුතුමය.ඔහු අන් කවරෙකුවත් නොව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ය.කළකට පසුව නාට්‍ය නිර්මාණකරණයට පිවිසුණු ඇතුගලයන් මහසමයම වේදිකා නාට්‍ය හරහා දේශිය වේදිකාවට නව මානයක් සොයා දිමට උත්සාහ කළේය.ඔහුගේ ඒ පෙර ගමන පසු පරපුර කෙසේ ග්‍රහණය කරගන්නේ දැයි අප බලා සිටිමු.මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නවතම නිර්මාණාත්මක, පර්යේෂණ නාට්‍ය මහාසුපින දෙසැම්බර් 05 කැළණිය විශ්ව විද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේ දී මංගල දැක්ම සදහා සුදානම් වන්නේය.

    December 4, 2017, 3:27 pm 0

    මාධ්‍ය නිදහස , දේශපාලකයින්ගේ පඩුරු පූජාවක් ද?

    සමාජය පිළිබද නිවරදි මතවාදීමය අවබෝධයක් ඇති මිනිසුන්ට, තමන්ගේ අදහස් සමාජය හමුවේ නිරාවරණය කිරීමට ඇති අයිතිය ඔවුන්ට තවත් කෙනෙකුගෙන් ලැබුණ දෙයක් නොවේ.ලෝකයේ බහුතරයක් ජනතාව නිහඩ අනවබෝධයෙන් යුත් නිද්‍රාශීලි මිනිසුන්ය.එහෙත් ඔවුන් ද සමාජයේ සෙසු පුද්ගලයින් හා සමාන අවයව වලින් මෙන්ම අවශ්‍යතාවයන්ගෙන් ද අනූනය. එවැනි මිනිසුන් වෙනුවෙන් යම් කිසි දැනීමක් අවබෝධයක් ඇති මිනිසුන් පෙනී නොසිටින්නේ නම්, බලවතා දුබලයා පරාජය කරමින්, සත්ව ලෝකයේ එකිනෙකා මරා ගන්නාක් මෙන්, බලවතා දුබලයා ආහාරය සදහා ගන්නා ක්‍රියාවලිය, මිනිස් සමාජය තුළින් ද දැක ගත හැකිවන්නේය.

    December 3, 2017, 5:17 pm 0

    හේග් නුවර අධිකරණයේ දී :දඩුවමට බිය වී, වස පානය කර මිය ගිය, බොස්නියාවේ හමුදා නායකයා.

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද අධිකරණය ක්රෝඒෂියාවේ(Croatia)පසුගිය යුධ අපරාධ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ.ඒ අතර ක්රෝඒෂියාවේ(Croatia)හිටපු හමුදා නායක Slodoban Praljak උසාවිය ඉදිරියේ වස පානය කිරීමෙන් පසුව මියගිය බව හේග් විනිශ්චකාර සභාව තහවුරු කරයි.එක්සත් ජාතීන්ගේ අධිකරණය තුළ සිදු වූ මෙම සිදුවීම පිළිබදව සොයා බැලීමට හේග් අධිකරණය ස්වාධීන සමාලෝචනයක් දියත් කර තිබේ.

    December 3, 2017, 6:24 am 0

    අද රාත්‍රියේ අහසේ දිස්වන සුපිරි චන්ද්‍රයා.

    අද දෙසැම්බර්( 03) වැනිදා හවස්වන විට ඉහළ අහසේ පායන සද වෙනදා පායන සදට වඩා තරමක් විශාල වනු ඇත.එය විශේෂ වූ එකකි.(Supermoon)මෙය සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍ර ග්‍රහණයක් නොවන අතර එය පෘතුවියට සද සමිපවීමක් පමණි.

    December 2, 2017, 5:02 am 0

    සමීක්ෂණයකින් හෙළීවේ: 2020 දී මේරටේ නායකයා සොදුරු අඥාදායකයෙකු විය යුතුයි.

    පර්යේෂණය මෙහෙය වීම සහ සහභාගීත්වය : මහාචාර්ය අජන්තා හපුආරච්චි කොළඔ විශ්ව විද්‍යාලය ,සහ ජනමාධ්‍ය ඒකකයේ අවසන් වසරේ සිසුන්- අපේක්ෂීත පර්යේෂණය මාතෘකාව : 2020 දී බලයට පත් වන ශ්‍රී ලංකාවේ ජනාධිපති කවුරුන් විය යුතුද ? පර්යේෂණ අරමුණ සහ ක්‍රමවේදය :රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සජීත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට කැමැත්ත ප්‍රකාශ කිරීම.- පර්යේෂණය සදහා යොදාගත් නියැදිය: 505 සමන්විත පුද්ගලයින් වන අතර එයින් පිරිමි 274 සහ හැහැණු 231 කි වයස් කාණ්ඩය 18 - 75 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි පර්යේෂණ කාලය : මාස 03 පර්යේෂණය අවසානයේ පහත සදහන් නිගමන වලට එළබීමට හැකි වී තිබේ.

    PREVIOUSNEXT