January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

දසත පුවත්

    December 11, 2017, 5:53 am 0

    සංජය ලීලා බන්සායි සහ දීපිකා පදුකෝන්ට මරණ තර්ජන ගෙන ආ පද්මාවතී

    2017 නොවම්බර් 17 බොලිවුඩ් සිනමාවේ තවත් නවතම චිත්‍රපටයක මංගල දර්ශනය සදහා සිනමා ශාලා සුදානම් විය.සිනමා ශාලා හිමියෝ ඉතා විශ්වාසයෙන් තම ආදායම් පිළිබද බලාපොරොත්තු තබා ගත්තේ, එම චිත්‍රපටය සංජය ලීලා බන්සායිගේ චිත්‍රපටයක් නිසාය.ඔහුගේ පෙර චිත්‍රපට සියල්ල ආදායම් වාර්තා තැබූ ඒවා නිසා මෙවර ද ඒ පිළිබද සැකයක් ඇති වූයේ නැත.එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි.පද්මාවතී නවතම චිත්‍රපටය සදහා සතර දිගින් විරෝධතා එල්ල වන්නට විය.අධ්‍යක්ෂවරයාට මෙන්ම ප්‍රධාන චරිතය රගපෑ දීපිකා පදුකෝන්ට මරණීය තර්ජන එල්ල වූ අතර විරෝධතාකරුවන් ප්‍රචාරක පුවරු කඩා දමන්නටත්, පොස්ටර් ගිනි බත් කරන්නටත් සිනමාහල්වලට අලාභහානි කිරීමටත් පටන් ගත්හ.ප්‍රධාන නළු චරිතය රගපෑ රන්වීර් සිං ට ද තර්ජන එල්ල වන්නට විය.මේ හේතූන් මත චිත්‍රපට ප්‍රදර්ශනය දෙසැම්බර් 01 දා දක්වා කල් ගියේය.එදින පැවති විරෝධතා හේතුවෙන් මේවන විට චිත්‍රපට ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් දමා ඇත.මේ අතර චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේ්‍ඨාධිකරණයෙන් කළ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප වී තිබේ.අවසානයේදී ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කළේ, මේ පිළිබද තීරණය ගැනීමේ අයිතිය ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය ගත හැකි බවට දැන්වීමයි.

    December 11, 2017, 12:45 am 0

    එක්දින තරගාවලියේ පලමු තරගයේදී: ශ්‍රි ලංකාවට වර්ථාගත ජයක්, ඉන්දියාවේදී

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු (10)දින තරගය කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්වුණා.

    December 10, 2017, 3:48 pm 0

    2018 පළාත්පාලන ඡන්දයේ දී තේරීපත්වන සභිකයින් දෙගුණයකින් වැඩිවේ.

    මෙය සැමට සාධාරණ යැයි අලුතින් සම්මත කරන ලද පළාත්පාලන මැතිවරණ ක්‍රමවේදය පිළිබද මේ රටේ මහජනතාව තුළ කිසියම්ම අවබෝධයක් නොමැත.එමෙන්ම කොතෙක් සාධාරණ වුවත් මෙහි පවතින ව්‍යාකූලත්වය තුළ මැතිවරණයන් පසු ඇතිවන අර්බුදකාරීත්වය පිළිබද දේශපාලන පක්ෂ පවා සැක මුසු බවකින් පසුවේ.කෙසේ වෙතත් මේ පිළිබද කිසිවකු නිශ්චිත අදහසක් පළ නොකරන අතර අනුමාන වශයෙන් දක්වන කරුණු මත පදනම්ව යම් යම් ප්‍රකාශ නිකුත් කරයි. එවැනි අදහස් සමග දැනුවත් කිරීමක් මෙම ලිපිය මගින් ගෙන හැර දක්වයි.

    December 10, 2017, 7:35 am 0

    මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ 25% ක වර්ධනයක්.

    2017 වර්ෂයේ ජනවාරී සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 18 70000 ඉක්මවා තිබේ.එය පෙර වසරට සාපේක්ෂව 20% ක වර්ධනයකි. 2017 නොවැම්බර් පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 1 67511 වෙයි.එයින් 32243 ක් ඉන්දීය සංචාරකයින් වන අතර වසරේ මුල් මාස 11 තුළ දිවයිනට පැමිණි ඉන්දීය සංචාරකයින්ගේ ප්‍රමාණය 33 6840 වෙයි.

    December 9, 2017, 4:06 pm 0

    දුම්රිය වර්ජනය - අර්බුදයක් දක්වා දික්ගැස්සෙයි.

    මේවන විට රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති හෙයින් සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැර ගියා සේ සලකා ක්‍රියා කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද පැවති පුවත්පත් සාකච්ඡාවකදී සදහන් කර තිබේ.

    December 9, 2017, 2:42 am 0

    අපි පක්ෂවලට එකතු නොවී බෙදී වෙන් වී ඡන්දය දෙමු.

    ශ්‍රි ලංකාව නිදහස ලැබූ දා පටන් , මෙරට පාලනය කළ සියලු දේශපාලනඥයින් , රටට යහපතට වඩා සිදු කලේ අයහපතක් බව අපි සියලු දෙනා දනිමු . ඇතැම් දේශපාලඥයන් අපි ඉපදීමටත් පෙර සිට ම දේශපාලනය ආරම්භ කර තවමත් විවිධ තනතුරු දරමින් මෙරට දේශපාලනයේ සැරි සරයි . කවුරුන් කෙසේ කීවද අද අපේ රට පත්ව තිබෙන තත්වයට මේ සියළු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතු ය . මෙම දේශපාලනඥයින් තමන් ආ මග ආපසු හැරී බැලුවොත් ,එදා මෙදා තුර අප රට වෙනුවෙන් කළ සේවය ගැන සැබවින් ම තෘප්තිමත් විය හැකි ද ?

    December 8, 2017, 3:57 pm 0

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චන්දික හතුරුසිංහට

    පසුගිය 06 වැනිදා රැස් වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභා රැස්වීමේ දී පැවති සාකච්ඡාවකින් පසුව ,චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථිර වශයෙන්ම පත් කිරිමට තීරණය කර තිබේ.ඒ අනුව ඔහු ලබන 20 වැනි දා කණ්ඩායම සමග එක් වී තම රාජකාරී ආරම්භ කරනු ඇත.

    December 7, 2017, 2:33 pm 0

    රාජකීය මංගල්‍ය 2018 දී .

    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරු විවාහ වීමට තීරණය කළ බව බැකිම්හැම් මාළිගය නිවේදනය කර තිබේ.ඔහු විවාහ ගිවිස ගෙන ඇත්තේ ඇමරිකානු නිළියකවන මෙගාන් මේකල් සමගය.විවාහය සදහා තවම ස්ථිර දිනයක් නිවේදනය කර නොමැති අතර , බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ, විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවන දරුවා බිහිවීමෙන් පසුව බොහෝ දුරට විවාහ මංගල්‍ය උත්සවය ගැනීමට ඉඩ ඇති බවයි.එය ලබන මැයි මාසයේ දිනයක් විය හැකි අතර, විවාහය වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්නථානයේදී සිදු කිරීමට තීරණය කර ඇත.තවමත් ඇමරිකානු ජාතික කාන්තාවක්වන මෙගාන්, විවාහයෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකත්වය ලබා ගන්නා බව දැනගන්නට තිබේ. මොවුන්ගේ මංගල්‍යයේ සියළු වියදම් චාල්ස් කුමරු සහ රැජින විසින් දරනු ලබයි.

    PREVIOUSNEXT