January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

    January 15, 2018, 12:23 am 0

    ලොකුම කොකේන් තොගය අද (15) පුත්තලමේ දී විනාශ කෙරේ.

    ශ්‍රී ලංකාවේදී මෙතෙක් අත් අඩංගුවට ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15 වැනිදා) විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට ඇති මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උදුනක දමා පුලුස්සා විනාශ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ.

දසත පුවත්

    December 23, 2017, 3:25 pm 0

    පිලිපීනයට දරුණු සුළි කුණාටුවක් :133ක් මියයයි.

    ටෙම්බියන් සුළි කුණාටුව දකුණු පිලිපීනයේ මින්දනාවෝ දූපත් හරහා ගමන් කිරීමත් සමග ටියුබොට් සහ පියාගෝ නගර දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අධික වැසි තත්වය මත ගංවතුර මෙන්ම නාය යෑම් සහ පස් කදු කඩාවැටීම් ද හේතුවෙන් නිවාස බොහොමක් විනාශ වී ඇති බව වාර්තා වේ.මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් හැමු බවත් පසුව එය පලවාන් දූපත් දෙසට ගමන් කරමින් තිබෙන බවත් එරට කාළගුණ අංශ පවසයි.එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 95 ක සුළං තත්වයක් තිබු බව ද වාර්තා වී තිබේ.

    December 22, 2017, 3:55 pm 0

    2016,ඕස්ට්‍රේලියා සංගණන වාර්තා අනුව :නිර් ආගමිකයන් ඉහළට.

    ඕස්ට්‍රේලියාවේ ආගමික ඇදහිලි පිළීබද කරන ලද සංගණනයකට අනුව නිර් ආගමිකයින් සංඛ්‍යාව ඉහළ යන බවත් පොදුවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 52% ක් වන බවත් හෙළිදරව් වී තිබේ.මෙම සමීක්ෂණයට අනුව එරට තුළ ක්‍රිස්තියානී දහමට පසුව වැඩි පිරිසක් නැඹුරුව ඇත්තේ ඉස්ලාම් හා ( 2.6%) බුද්ධාගම (2.4% )වෙත බව හෙළිව ඇත.මෙම සංගණන වාර්තාවේ විශේෂත්වය වන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති සංඛ්‍යව 2016 වසර වන විට 30% ක් පමණ වන බව දැක්වීමයි.

    December 22, 2017, 2:56 pm 0

    කණ්නාඩියෙනුත් U N P ය දිනූ කොළඔ නගරසභාවට: මෙවර රෝසි ?

    චින්තනය නොදියුණු සාම්ප්‍රදායික සිතුවිලි මත ජීවත් වන දියුණු වුවත්, සිතීමෙන් දිළිදු කොළඔ නාගරික ජනතාව එළබෙන මැතිවරණයේදී වෙනස් වේවි යැයි සිතන්නේ නැත.!

    December 22, 2017, 3:45 am 0

    පසුගිය යුගයේ : JVP කැඩීගිය කොටස් ජනපති පසුපස

    පසුගිය සතියේ විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් කැඩීගිය වීරකුමාර දිසානායක ඇතුථ කණ්ඩායමක් වර්ථමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් විය.

    December 21, 2017, 2:27 pm 0

    2018 දී, ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය වෙනස් වෙයි.

    2018 වසරේ අග භාගයේ සිට ජාත්‍යන්තර සිවිල් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල ජාත්‍යන්තර පිළීගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල් M. N.රණසිංහ මහතා පවසයි.මෙම නව ගුවන් ගමන් බලපත්‍රය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේවන විට ලැබී ඇති අතර මෙය මුද්‍රණය කිරීම සදහා Thomas DiLauro නැමැති බ්‍රිතාන්‍ය සමාගම තෝරා ගෙන අති බවත් ඔහු තවදුරටත් සදහන් කර තිබේ.

    December 21, 2017, 6:09 am 0

    මව්බිමේ ක්‍රිකට් හතුරුසිංහට බාරදෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඊයේ (20) දින රාජකාරී ආරම්භ කළ චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ, තමන් හරි වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරගත් බවයි. ඔහු මේ අදහස් දැක් වූයේ ඊයේ හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හතුරුසිංහ මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලාංකිකයකු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බරයට මෙන්ම සතුටට කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට තම ස්තූතිය පිරිනමන බවත්ය.

    December 20, 2017, 11:23 am 0

    කොළඹ සිගමනට වැට බදී

    2018 ජනවාරී මස 01 දින සිට කොළඹ නගරයේ මාර්ගවල මෙන්ම පොදු ප්‍රවාහන සේවා තුළ සිගමන් යැදීම තහනම් කර ඇත.මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා මේ බව අවධාරණය කර ඇත්තේ කොළඹ නගර සභාව සහ මහජන සුභසාධන අමාත්‍යාංශය එක්ව කළ සමීක්ෂණයකදී ලැබුණූ තොරතුරු මත පදනම් වය.මෙහිදී සිදු කළ අනාවරණය අනුව කොළඹ නගරය පුරා යාචකයින් 600 පමණ සිටී.

    December 19, 2017, 3:53 pm 0

    තාක්ෂණයට වහල් වී අනාගතයේ බිහිවන මෝඩ උගත්තු

    සිත මෙහෙයවමින් සමාජය වඩා යහපත් තැනක් කිරීම වෙනුවට වර්තමාන තාක්ෂණයට නතුව බොත්තම් එබීමෙන් සහතික ලැබ උගතුන් වීමේ පහසු ක්‍රමවේදයකට ලෝකය ගමන් කරමින් සිටින බැව් පෙනෙන්නට තිබේ.

    PREVIOUSNEXT