April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

දවසේ පුවත

    April 14, 2018, 5:37 am 0

    ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.

    මේ වන විට දැඩි ලෙස ජනතාව අතර අප්‍රසාදයටත් මෙන්ම විරෝධයට බදුන් වෙමින් කම්කරු පන්තිය ද නොසලකා හරිමින් ක්‍රියා කරන මේ රජය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් බැඳී නොසිට ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කළ බව එහි ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දසත පුවත්

    March 7, 2018, 5:20 pm 0

    ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රචණ්ඩ ක්‍රියා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරය

    ජනප්‍රිය සංචාර දිස්ත්‍රික්කයක්වන මහනුවර ජනවාර්ගික විරෝධී කැරලි වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇත.අඹතැන්නේ බෞද්ධ විහාරයකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ කටකතා ද මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිරී ඇත. මිය ගිය පුද්ගලයන්ගෙන් එක් අයෙක් හෘදයාබාධයකට ලක්වීමෙන් ඔහුගේ සාප්පුවේ දී මිය ගොස් ඇති අතර තවත් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.

    March 7, 2018, 11:59 am 0

    ප්‍රචණ්ඩත්වයෙන් හැසිරීම රටට හානියක්. හිටපු ජනාධිපති මහින්ද

    බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පවතින් තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩනැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ. මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ. එම නිවේදනය වැඩිදුරටත් මෙසේ වේ.

    March 7, 2018, 11:18 am 0

    හතුරා - පරාජිතයින්ට ජය ගෙනෙයි- ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..

    පසුගිය කාලයේම අපි ක්‍රිකට් බැලුවේ නැත . අලුත් ක්‍රිඩකයින්ගේ නම් වත් නොදන්නා තැනට පත් වී තිබුනි. එහෙත් හතුරුසිංහගේ පැමිණිමත් සමග පරණ ක්‍රිකට් මතකයට නැගිණි.දැන් යලිත් ක්‍රිකට් වසන්තය ආරම්බ වූවා යැයි සිතේ . හතුරුසිංහ අපේ පැරණි දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයා වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමට යලි ජීවය ලබා දී තිබේ.ඒදා ඔහු ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙසත් අද ක්‍රිකට් පුහුණු කරුවෙතු ලෙසත් තමන් සැබෑ දක්ෂයෙක් බව පෙන්වා දී ඇත.අන්ත පරාජීත අඩියක සිටි ශ්‍රි ලංකා කණ්ඩායම පහුගිය බංගලාදේශ සංචාරය ජයග්‍රාහී ලෙස නිමකල අයුරුත් ඊයේ 20 - 20 ඉන්දියාවට එරෙහිව ජය ගත් අාකාරයත් අප සතුටින් බලා සිටියෙමු.

    March 7, 2018, 11:06 am 0

    ගැටුම්වලට වගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමියෝ කියයි.

    ජීනීවා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය එනවිටම රට තුළ සිංහල මුස්ලිම් ගැටුමක් ආරම්භ වීම සම්බන්ධයෙන් රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (6) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    March 4, 2018, 2:30 pm 0

    මෙවර මැතිවරණයේදී ජ,වි,පේ ලත් එකම ජයග්‍රහණය

    2018 පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූයේ පියසේන ප්‍රනාන්දු, මහතා නියෝජනය කල පානදුර නගර සභාවට අයත් වෑකඩ උතුර චන්ද කොට්ඨාශයයි. වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි.

    March 1, 2018, 3:20 pm 0

    ආයෝජකයින් දිරිගන්වන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සිංග්ප්පූරුවේදී

    ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මාර්තු 02 වන දා සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා"සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද (01) සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබේ.

    February 27, 2018, 3:47 pm 0

    අම්පාරේ දුරදිග ගිය ජාතිවාදී පෙති ගැටුම

    අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

    February 26, 2018, 4:24 pm 0

    බොලිවුඩයෙන් බැස ගිය තාරකාවිය

    අධිකරණ වෛද්‍ය වාර්ත‍ාවට අනුව, ජනප්‍රිය නිළි ශ්‍රී දේවිගේ මරණය හදිසියේ දියේ ගිලී මියෑමක් බවට වාර්තා වෙයි. නමුත් මීට පෙර හෘදයා බාධයකින් ඇය මිය ගිය බවට වාර්තා විය.ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ පුවත මුළු චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ඇගේ රසිකයන්ට ද මහත් කම්පනයක් විය.අ‍ැගේ දේහය මුම්බායි වෙත ගෙන එන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය හා අවසන් ලිපි ලේඛන ඩුබායිහි නිම කිරීමෙන් පසුවය.මුම්බායි සිට ඩුබායි දක්වා පියාසර කරන ලද පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී දේවිගේ සිරුර රැගෙන එන අතර තව පැය කිහිපයකින් එම ජෙට් යානය ඉන්දියාවට ළගා වෙනු ඇතැයි වාර්තාවේ.

    PREVIOUSNEXT