අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර මාර්තු 08 දින ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවයේ කටයුතු ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිත ය.