නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අතුරින් 50 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.මෑත යුගයේදී නේපාලය මුහුණ දුන් බරපතලම ගුවන් අනතුර ලෙස මෙය වාර්තා‍ වේ.යානය ගිනි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.