April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

දවසේ පුවත

    April 20, 2018, 3:07 am 0

    නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ

    මේ පින්තුරයේ සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන් නොවේ යයි කිසිවෙතුට කිව නොහැක. එමෙන්ම මෙහි පසුබිම සිංග්ගප්පූරුවේ බව එම රට පිළිබද අවබෝධයක් ඇති ඕනෑම අයෙකු දනී. එහෙත් නිශ්චිතවම මෙම පින්තූරය මෑත කාලයේ එකක් යයි අපට 100% තහවුරු කළ නොහැක. මෙම පින්තූරය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි. මාධ්‍ය ක්ෂත්‍රයේ නියැලෙන්නන් ව්‍යාජ පුවත් ඉදිරිපත් කර ජනතාව නොමග යැවීමට අවශ්‍යතාවයක් නැති බව අප තරයේම විශ්වාස කරමු . ජනතාව වෙනුවෙන් පෙනී මාධ්‍යයක ප්‍රමුඛතාවය වන්නේ සත්‍ය ඉදිරිපත් කිරීමයි. එහෙයින්ම මෙම පින්තූරය සත්‍ය එකක් ලෙස අප විශ්වාස කරමු. සිංගප්පූරුවේ සිටින ශ්‍රි ලංකිකයෙකු විසින් හොර රහසේම ලබාගත් මෙම පින්තුරය මේ වන විය සමාජ මාධ්‍යන් හී හුවමාරු වෙමින් පවතී.

දසත පුවත්

    March 17, 2018, 5:01 am 0

    රස්තියාදුකාර බංගලියෝ මහත්මා ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කරයි.

    ක්‍රිකට් ක්‍රිඩාව යනු අතිශය මහත්මා ගති ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රිඩාවති. එය බටහිර ලෝකයෙන් අාසියාවට දායද වීම තුල අාසියාතිකයින් ලෙස අපද ඒ වටිනාකම් වලට ගරු කරමින් ක්‍රිඩා කල ජාතියති.ක්‍රිඩාවේ නිති රීති කඩකර ජයග්‍රහණය ලැබීමට ශ්‍රි ලංකිකයින් ලෙස අපට වුවමනා නැත. අපගේ ක්‍රිඩකයින්ට ද ඒ ගුණය පිහිටා ඇත. පහුගිය කාලයේ ශ්‍රි ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වන විට අප එය ඉවසා දරාගෙන සිටියෙම්. අප පැහැදිලිවම ලෝකයට කිවයුතු දෙයක් ඇත.ලෝකයේ ශ්‍රි ලංකිකයින් යනු සුලු ජාතියක් වුවත් දන්නා ඉතිහාසය පුරාම පෙන්වා ඇති පරිදි සිංහලයා යනු කම්මැලි නිදා සිටින යෝධයෙකි. මේ යෝධයාට කිසියම් කෙනෙත් රිදෙව්වොත් පමණයි, ඔහු නැගිට ඊට ප්‍රතිචාර දක්වන්නේ, එසේ නොමැතිව අන් සතු දේ උදුරා ගැණිමට වත් බලෙන් ලබා ගැණිමට වත් පෙළබෙන්නේ නැත.

    March 15, 2018, 4:03 am 0

    21 වන සියවසේ මහා බුද්ධිමතා මෙලොව හැර යයි.

    ඔහුට විහ්වයේ පවතින සෑම සියලු‍ දේටම අලු‍ත් අදහසක් තිබුණි. ඒ සියල්ල ඔහුට හැකි ලෙස මිහිමත ජීවත් වන මිනිස් ජීවියාට සදහන් කරන ලදී. පෘතුවිය මත ඔහු ගෙවූ කෙටි ජීවිත කාලය තුල මහා දැනුම් සම්භාරයක් එක් කලේය.ඒහෙත් එය මිහිමත ජීවත්වන ජීවීන්ගෙන් බහුතරයනට නොතේරීම මේ මහා බුද්ධිමතාට කල හැකි දෙයක් නොවීය. භෙෘතික ශරීරයට එහායින් ගිය මානසික ශත්තියකින් යුක්ක වූ හෝකින් මානසික ශක්තියේ ප්‍රබලතාවය මතම සිය භෙෘතික ශරීරය අවරුදු 76 දක්වා පවත්වාගෙන ආවේය. එහෙත් අවසානයේදී 14/03 /2018 දින එය අතහැර ඔහු විශ්ව චාරිකාවට එක් විය. මේ අතර කාලයේ හොකින් කල කී දෑ බොහෝ ය. නියෂ්ටික යුද්ධ,ජානමය වශයෙන් නවිකරණය කරන ලද වෛරස්, කෘතිම බුද්ධිය,සහ වෙනත් ග්‍රහලෝක වල ජීවින්ගෙන් ඇතිවිය හැකි තර්ජන පිලිබද හොකින්ස් ‍මිහිපිට සෙසු ජීවින්ට අනතුරු ඇගවිය.මේ කාරණා පිලිබද මිනිසුන්ට ඒත්තු ගැන්වීමට ඔහු කල උත්සහය තුල සුවිශේෂී කරුණක් වන්නේ විහ්වය නිර්මාණය කිරිමේ දී මිනිසුන් විශ්වාස කරන දේව සංකල්පය මුලු‍මනින්ම බැහැර කිරීමයි. ඒ වෙනුවට ඔහු බුද්ධිමත් ජිවින්ට එම ගෙෘරවය ලබා දුන්නේය. මේ නිසාම ඉතිහාසයේ බුද්ධිමතුන් බැහැර කල අාකාරයටම හොකින් ද එය අනුමත කලා ය. එහෙයින්ම හොකින් සහ දේව භුමිකාව නියෝජනය කරන්නන් අතර නිරන්තර මතවාදීමය අරගල පැවැතුණි.

    March 11, 2018, 4:56 pm 0

    කොමියුනිට්ස්වාදී චීනය ලෝක බලවතා වීමේ අරමුණින් ඒකාධිපති ගමනකට සැරසෙයි.

    චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ පවත්වා ගැනීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය මේවන විට ලැබී ඇත.චීනයේ ජනගහනය වැඩිම ජන අනුපාතය සහිත රටක් වීම නිසාම අර්ථිකය සහ බලය අතින් ශක්තිමත් වී ඇත. එසේ වුවත් මිනිස් අයිවාසිකම් හෝ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය පවා චීන ජාතිකයින්ට අාගන්තුකය. ඒතරම්ම ඔවුන් පීඩනයෙන් සිටින ජාතියකි.ඔවුන්ට රටක් ලෙස ලෝකයේ අන් ජාතීන්ට ඇති නිදහස බුක්ති වීදීමට අවස්ථාව නැත.එවැනි වාතාවරණයක් යටතේ වර්ථමාණයේ සිටින පාලකයා රටේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සිය ජිවිත කලයේම බලයේ රැදී සිටීමට ක්‍රියාකිරීම හරහා ඔවුන් උතුරු කොරියාවට නොදෙවෙනි තත්වයකට ගමන් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.අප්‍රිකානු රටවලට සහ අසියාවේ කුඩා රටවලට ගිනි පොලියට ණය ලබා දෙමින් එම රටවල් ණය උගලකට සිර කර තමන්ගේ බල අධිකාරියට එම රටවල් යටත් තර ගෙන කලාපයේ මෙන්ම ලෝකයේ ද බලවතා වීමට චීනයට උවමනා වී ඇත.

    March 11, 2018, 11:45 am 0

    ආණමඩුවේ මදීනා හෝටලය ඊයේ රාත්‍රියේ ගිනි තබයි.

    ආණමඩුව පුත්තලම මාර්ගයේ පිහිටි මදිනා හෝටලයට අද (11දා) අළුයම කාලයේ දී කිසියම් පිරිසක් ගිනිතබා ඇත. හෝටලය සම්පුර්ණයෙන් විනාශ වි ඇත.

    March 11, 2018, 3:19 am 0

    බබාලන්තයේ ඉන්න අනන්‍යතා නැති බබාලගේ බබා සංස්කෘතිය.

    සංස්කෘතිය ගැන හැමෝම දැනගෙන හිටියට ‘බබා සංස්කෘතිය‘ ගැන දන්නේ මොනවද? පිට රටවලට ආගන්තුක වුණාට අපේ රටේ නම් ‘බබා සංස්කෘතිය‘ නැගලම යනවා. බබාලගේ ක්‍රීඩා තරග, බබාලගේ රේස්, බබාලගේ ක්ලබ්, බබාලගේ ලව් විතරක් නෙමෙයි බබාලගේ දේශපාලනයත් අපට නම් හරී... හුරුයි.

    March 10, 2018, 4:08 pm 0

    අවස්ථාව ලද සැනින් දේශපාලන ආගමනයට ගෝඨාගේ කැමැත්ත.

    සෑම පුද්ගයෙක්ම දේශපාලන සත්වයෙකි, යනුවෙන් කියමනක් තිබේ. එසේ වුවත් සවිඥාණික දේශපාලන අවබෝධයක් ඇත්තේ සීමිත ජනකොට්ඨාශයකට පමණි . බොහෝ මහජන නියෝජිතයින්ද දේශපාලනික අවබෝධයකින් තොරව රැකියාවක් ලෙස දේශපාලන කරන බව බැලූ බැල්මටම තුන්වන ලෝකයේ රටවලින් දැකිය හැකි ප්‍රවණතාවයකි.සාම්ප්‍රදායික මෙන්ම පරාම්පරිකව පවුල් පසුබිම මත මෙන්ම පක්ෂ දේශපාලනය සෑම රටකටම පොදු වූ කාරණයකි. එසේ වුවත් වර්තමානයේ ලෝක දේශපාලනය හැසිරෙන අාකාරය දෙස බලන විට එය සම්ප්‍රදායික රටාවෙන් මිදී අවස්ථාණුකූලව සමාජ හැසිරීම් රටාව මෙන්ම එහි අවශ්‍යතාවයන් මත පුද්ගල නායකත්වය තොරා ගැණිම දැකිය හැක.උදාහණයක් ලෙස සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් හිමි ඇමරිකාවේද සම්ප්‍රදායික රටාවෙන් මිදී දේශපාලක නායකත්වය තොරා ගැණිම ඩොනල් ට්‍රම්ප් වැනි අය තොරා ගැණිම පෙන්වා දිය හැක.

    March 9, 2018, 2:43 pm 0

    අධ්‍යාපන ණය සදහා සිසුන්ගේ උනන්දු අඩුයි - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

    රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත.මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.

    March 8, 2018, 6:21 am 0

    මුලධර්මවාදයට එරෙහි වීම ලෝකය පුරාම සිදුවන්නක්- මහනුවර සිද්ධිය පිළිබද ඇමති- චම්පික කතාකරයි.

    ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති පාටලී චම්පික රණවක විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කර තිබූ නිවේදනයක් මෙහි දැක්වෙයි.

    PREVIOUSNEXT