වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම අද (22) ආරම්භ විය. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ඛනිජ තෙල් බෙදා හැරීමේ ජාලයට මහඟු‍ රුකුලක් වන ලෙස, කැබිනට් අනුමැතිය මත එහි ඉඳි කෙරෙන නව තෙල් ටැංකි සංඛ්‍යාව 10කි.