April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

දවසේ පුවත

    March 7, 2018, 12:14 pm 0

    ඇඳිරිනීතිය මධ්‍යයේද මහනුවර අවට ප්‍රචණ්‍ඩ ක්‍රියා හේතුවෙන් හෙට සවස 4 වන තෙක් පොළිස් ඇදිරි නිතිය

    සිද්ධියක් සිදු වී අවසන් වී දින ගනනාක් ගත වී තිබියදීත්, විශාල අාරක්ෂක වැඩ පිලිවෙලක් මහනුවර දිස්ත්‍රිකය පුරාම ක්‍රියාත්මක වී තිබියදීත් ඒ සියල්ල නොතකා මහ දවල් මෙලෙස ප්‍රචණ්ඩත්වයෙන් හැසිරීමට තරම් මිනිසුන් නිතිය අතට ගන්න‍ේ කෙසේද? මෙතරම් ශක්ති සම්පන්න බලයක් මේ ප්‍රචණ්ඩත්වය පිටුපස තිබෙන බව නොවේද මෙයින් හැගෙන්නේ. පැහැදිලිවම මේ රයේ සාමය අගයන නායකයිනි බුද්ධිමත් ජනතාවනි සිතා බලන්න.

දසත පුවත්

    October 3, 2017, 5:57 am 0

    ශ්‍රී ලංකාවේ ජය, කණ්ඩායමට ශක්තියක්.

    අබුඩාබිහි ශ්‍රී ලංකා සහ පකිස්තානය අතර පැවැති පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    October 3, 2017, 2:42 am 0

    සතියේ දේශපාලන වතගොත

    සැගවුණු දේශපාලන තොරතුරු, එසේ නොමැති නම් තිරෙන් එහා තමන්ට ළඟාවීමට හෝ ස්පර්ෂ කිරීමට අපහසු දේ දැනගැනීමට සාමාන්‍ය ජනතාව තුළ පවතින්නේ බලවත් කැමැත්තකි.එම නිසාම සතිඅන්ත මුද්‍රිත පුවත්පතවල විවිධ නම් වලින් තිරෙන් එහා දේශපාලන තොරතුරු ගෙන හැර දැක්වීමට සෑම පුවත්පතක්ම කටයුතු කරයි. විද්‍යුත් මාධ්‍ය තුළත් එය විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කළත් පුවත්පත කියවන තරම් රසවත් වන්නේ නැත. එහි නියම රසය ලැබීමට නම් ඔබ මුද්‍රිත පුවත්පත මිලට ගෙන කියවිය යුතුයි. නමුත් හෙට ලෝකයේ තාක්ෂණික මාධ්‍ය සමඟ ගණුදෙනු කිරිමට සූදානමින් සිටින ඔබට පුවත්පතක් මිලදී ගැනීමට මුදල් වියදම් කළ යුතු නැත. ඔබගේ පරිගණක තිරය හෝ ජංගම දුරකථනය වැනි ඕනෑම ආකාරයේ උපකරණයකින් පහසුවෙන් එම රසය විඳගත හැකිය. මේ උත්සාහය ඒ වෙනුවෙන්ය. මේ විද්‍යුත් සයිබර් අවකාශයේ පුවත්පත පරිශීලනය කර බලන්න තාක්ෂණික වෙනසට හුරුවන්න.

    October 2, 2017, 3:28 am 0

    පුෂ්පානන්ද ඉහළට එසවූ සිංහල අක්ෂරය, බලධාරීන් ආපස්සට හරවයි.

    අපේ රටේ දියුණුවට බල පා තියෙන ලොකුම ව්‍යවසනය නම් සුදුස්සාට සුදුසු තැන නොලබීමයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක සහතික ලත් උගත්තු යැයි කියා ගන්නා ටයිපටි බලධාරීන් මුළු පරිපාලනයම වට කරගෙන සිටි. ඔවුන් කිසිවිටෙක නිර්මාණකරුවෝ නොවෙති. නිර්මාණකරුවෝ, දක්ෂයෝ එළියට විසිකරයි. ඔවුන්ට නිසි තැන නොලැබෙයි. පුෂ්පානන්ද නොමැති නම් ඉංග්‍රීසි නොදන්නා සිංහල උගතුන්ට සිද්ධවෙන්නේ පරිගණකය දෙස බලා සිටීමටයි. අනාගතේ අතින් ලියන අකුරු මත යැපෙන සමාජයක් බලාපොරොත්තු විය නොහැකිය. වැඩිහිටි පරිගණක තාක්ෂණය නොදන්නා බලධාරීන් විශ්‍රාම ගැන්වෙන විට නව තාක්ෂණය සමඟ යා හැකි පිරිසක් බිහි කර ගැනීම වෙනුවට, දරුවන් දශක දෙක තුනක් ආපස්සට රැගෙන යන අක්ෂර ක්‍රමයක් පිළිබද ඉගැන්වීම කෙසේ ප්‍රායෝගික වන්නේ ද යන්න ගැටළුවකි.

    September 28, 2017, 9:35 am 0

    PLAYBOY KING මියයයි.

    ලෝප්‍රකට playboy සඟරාවේ නිර්මාතෘ සහ කර්තෘ මෙන්ම එම ව්‍යාපාර ජාලයෙන්ම ධනවතෙකු වූ ඇමරිකන් ජාතික හියුග් හෙෆ්නර් Hugh Hefner මියයයි.

    September 28, 2017, 6:08 am 0

    ICC ය ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති එක් කරයි.

    අද දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන සහ බංගලාදේශ දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියේ සිට ICC (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව සදහන් කරයි.

    September 27, 2017, 9:10 am 0

    අගමැතිතුමාගේ ඩිජිටල් ආර්ථික සංකල්පය විශිෂ්ඨයි: බහුතරය ඇනලොග්වත් නොදන්නා රටක ඩිජිටල් සිහිනයකි.

    කොළඹ ගාලු මුවදොර පිටියේ දී නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් (25) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ වර්තමාන ඩිජිටල් විප්ලවයට එකතු වීමෙන් තොරව රටේ ආර්ථිකය ඉදිරියට යා නොහැකි බවය. ඒ කියමන විශිෂ්ඨයි සත්‍ය එයයි, එය සැබෑ අනාගත දැක්මකි! එහෙත් මේ අදහසට පරිබාහිරව සැගවුණු යථාර්තයක් ඇත.

    September 26, 2017, 2:19 am 0

    මංගලගේ මංගල අයවැයෙන් ආණ්ඩුවට ඔක්සිජන් ලැබෙයි ?

    ඕනෑම ආණ්ඩුවක මුදල් ඇමති තනතුර ඒ ආණ්ඩුවේ හදවත බදුය. මුදල් ඇමති තනතුර බැරූරැම් වගකීම් සහිත තනතුරක් බව පිළිගත් මතයකි. ලංකාවේ මුදල් ඇමති තනතුර දරා කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් ආර්ථිකය තුළ සිදු කළ මුදල් ඇමතිවරු කිහිප දෙනෙක් සිටියහ. ඒ අතුරින් ඇන්- එම් පෙරේරා, රොනී ද මෙල් මූලික ස්ථානයක් ගනී.

    September 19, 2017, 5:06 am 0

    පොල් මිල විමසූ විට එලොව පොල් පෙනෙයි.

    පසුගිය කාලයේ පැවති නියඟය දරුණු ලෙස බලපෑම් කරණු ලැබුයේ වැඩි පොල් ඵලදාවක් ඇති පුත්තලම හා කුරුණෑගල වැනි ප්‍රදේශවලටය. එයින් පොල් ගස් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වූ අතර ඵලදාව අඩුවීම ද සිදුවිය.

    PREVIOUSNEXT