April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

දවසේ පුවත

දසත පුවත්

    April 6, 2018, 3:28 am 0

    විසිඑක් වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලේ බර ඉසිලීම් ඉසව් වලින් චතුරංග සහ දිනූෂා පදක්කම් දිනයි.

    විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.එම පදක්කම් දෙක දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සහ ක්‍රීඩක චතුරංග ලක්මාල් ජයසූරිය විසිනි.

    April 4, 2018, 4:05 am 0

    ව්‍යජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් කිරීමට මෝදි මෝඩ නොවෙයි.

    ව්‍යාජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය යුතු බවට නියෝග කළ යුතු යැයි යන යෝජනාව ලෙන ආ ඉන්දීය අමාත්‍ය ස්මිත්‍රී ඉරාණී විසින් ගෙන ආ නියෝගය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉවත් කර තිබේ.ව්‍යජ පුවත් මවමින් ඒවා පළකරන මාධ්‍යවේදීන් සොයා ඔවුන්ගේ මාධ්‍ය අනන්‍යතාවය අහිමි කළ යුතු බව මෙම නියෝගය මගින් දක්වා තිබුණී.මේ යෝජනාවට ඉන්දීය මාධ්‍ය විසින් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

    April 3, 2018, 4:21 pm 0

    සජිත්ගේ ආගමනය සහ යහපාලන දීගයේ අවසන් හෝරා කීපය.

    දේශපාලන පරිණතභාවය, දේශපාලනය තම වෘත්තීය කරගත්තාවුන්ගේ ශරීරය පුරාම දිවයන රුධිරයට සමාන වන්නේය.තමන්ට ජීවය ලබාදෙන තම ශරීරයේ රුධිරය පුද්ගලයෙකු හිතාමතාම අපිරිසිදු කර ගන්නේ නම් ඔහු ජීවිතය පිලිබද කිසිදු ආදරයක් හෝ අවබෝධයක් නොමැති අමන මරි මෝඩ තකතීරුවෙකි.මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් තමා විසින්ම තම දේශපාලන චරිතය විනාශ කරගත් අවස්ථා ඇත්තේම නැත.ඩී.එස්, ජේ. ආර්,ප්‍රේමදාස ,චන්ද්‍රිකා හෝ මහින්ද රාජපක්ෂ යන කිසිවෙකු තමන් විසින් හිතාමතාම කිසිවිටෙක තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන නැත. ඒසේ වුවත් මැත යුගයේ දේශපාලන භූමිකාව තුල ක්ලීන් මෑන් යන විරුදාවලිය ලත් හතර වතාවක් තම දෙපතුල ළගට අගමැති තනතුර ලැබී එය ආරත්ෂා කර ගෙන සාර්ථක නායකයෙකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලකය තුල නමත් තබා ගැනීමට තිබූ අවස්ථාව තමන් විසින්ම නැති කරගත් දේශපාලඥයෙකු සිටී නම් ඒ අන් කවරෙක් වත් නොව රනිල් වික්‍රමසිංහම පමණි.සහබුද්ධික පරිණත උපායශීලී දේශපාලකයින් දේශපාලන පොර පිටියේ කෙටි මාර්ග සොයමින් ගේම් ගහන්නේ නැත.ශූර දේශපාලකයා කරණුයේ ජනතාව ඇස් බැන්දුමකට ලක් කරමින් දේශපාලක පොර පිටියේ මැජික් සන්දර්ශන පැවැත් වීමයි. මේ සදහා අපට ආසන්නම උදාහරණ එමටයි.

    March 28, 2018, 3:52 am 0

    චන්දෝ පත්තර ලෝකයෙන් සමුගනී

    ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.උපාලි පුවත්පත් සමාගම ආරම්භයේ සිටම එහි සේවයට එක්වූ දොඩන්ගොඩ මහතා වසර 35ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ගියද මියයන තුරුම නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළේය.කළක් රෝගාතුරුව සිටි දොඩංගොඩ මහතා මිය යන විට 66 වැනි වියේ පසු විය.

    March 27, 2018, 8:52 am 0

    ජනාධිපති‍ සහ අගමැතිගේ සීතල යුද්ධයේ අවසන් සටන අප්‍රේල් 04 දියවන්නාවේ දී

    බලය අවිය කරගෙන දේශපාලනයේ නියැලෙන්න තුල නිතර අසන්න දකින්න ලැබෙන සාම්ප්‍රධායික කියමනක් තිබේ. එය නම් දේශපාලනය තුල සදාකල් මිතුරන් ද නැත. එමෙන්ම හතුරන් ද නැත, යන්නයි. කල දුටු කල වල ඉහ ගනිවි! යන මුලධර්මය මත පදනම්ව බොහෝ විට අවස්ථාවාදී පුද්ගලයින් මෙම දේශපාලන භුමිකාවට රංගනයෙන් දායක වෙති. මෙය ලෝකයටම පොදු වූ ධර්මතාවයකි. හුදු ලෞකික මිනිසා බලයට, ධනයට, මෙන්ම අශාවන්ට ද කෑදරකමත් දක්වති. ඒ වෙනුවෙන් තම කූඨ අරමුණු සර්ව සාධාරණය කිරීම සදහා ඔවුන් නොගන්නා උත්සහයක් නැත. මේ අරගලයන් හී ප්‍රතිපලයන් ලෙස බහුතරයක් මිනිසුන් පීඩාවට සහ අසීරුතාවයට පත් වූවත් ඉන් ඔවුන්ට කම් නැත.

    March 26, 2018, 12:21 am 0

    පන්දුව පළුදු කිරීමේ වරදට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයින් නායකත්වයෙන් ඉවත් වෙති.

    පන්දුව පළුදු කළ බව පිළිගැනීමෙන් අනතුරුව එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වෙති.

    March 25, 2018, 11:18 am 0

    ෆේස්බුක් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහළට

    ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    March 19, 2018, 3:09 pm 0

    පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගරයට

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය.

    PREVIOUSNEXT