April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

දවසේ පුවත

දසත පුවත්

    November 13, 2017, 2:17 pm 0

    සුරේෂ් ප්‍රේමචන්ද්‍ර - අලුත් පක්ෂයක් හදයි.

    වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය පවතින්නේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ කණ්ඩායමටය. එහි නායකත්වය ආර් . සම්බන්ධන් මහතා හොබවයි .ඊට අමතරව E .P. R. L. F ප්ලොට් සංවිධානවල දේශපාලන නායකයින් ද මෙයට ඇතුළත්ය .ඉදිරියේ දී පවත්වන්නට නියමිතපලාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් අතර බල අරගලයක් අැතිව තිබේ.ඔවුන් ආර්. සම්බන්ධන් විවේචනය කරනුයේ ඉන්දියාවේ නියෝග පිළිපදිමින්, වර්තමාන ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සම්බන්ධන් මහතා අනුගමනය කරන බවයි.එය උතුරේ ජනතාවගේ සැබෑ මතය නොවන බව මෙම විවේචකයින් පෙන්වා දෙයි.

    November 13, 2017, 1:31 pm 0

    දැන් හැන්ද මගේ අතේ ,ඡන්දේ ජනවාරී 25 - 31 අතර දිනක

    පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරී 25 -31 අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි .

    November 13, 2017, 6:45 am 0

    තිසා වැවෙන් දිය නා, අටමස්ථාන වන්දනාමානයට අකුල් නොහෙලන්න - අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති.

    ඉතිහාසය පුරාවට බෞද්ධයින් අටමස්ථාන වන්දනාවට අනුරාධපුරයට ගොස් තිසා වැවෙන් දිය නා ඒම සාමාන්‍ය සිරිතකි. එයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේටවත් පරිසරයටවත් හානියත් සිදුණොවුණි. වර්තමානයේ ගිහි පැවිදි කණ්ඩායම් අනියත බියක් ඇතිකර පරිසර දුෂණය සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ දෝවන කිරීම සඳහා තිසා වැවෙන් ජලය භාවිතා කරන හෙයින් යැයි පවසමින් එහි දිය නෑම තහනමට ලක් කර ඇත.

    November 12, 2017, 3:54 pm 0

    චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?

    බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.

    November 12, 2017, 11:06 am 0

    ඇතුගල පාමුලින් විකසිත වූ සිරිල් වික්‍රමගේ.

    1932 දී කුරුණෑගලින් සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි කොහිලේගෙදර තලම්පිටිය ගමේ අට දෙනෙකුගෙන් යුත් පවුලක සයවැන්නා ලෙස කුඩා දරුවෙක් උපන්නේය. ඔහු නමින් සිරිල් වික්‍රමගේ නම් විය. 60 දශකයේ මැද භාගයේ සිට දේශීය වේදිකා නාට්‍යයේ ද චිත්‍රපටයේ ද පසුව ටෙලි නාට්‍ය තුළ ද හෙතෙම ගම්භීර චරිතයක් විය. ක්‍රිස්තියානි පසුබිම සහිත පරිසරයක හැදී වැඩුණු ඔහු තලම්පිටිය මහ විද්‍යාලයේ සිය මුලික අධ්‍යපනය නිමා කිරීමෙන් අනතුරුව පේරාදෙණිය ගුරු විද්‍යලයේ ගුරු සිසුවකු ලෙස පුහුණුව ලැබීය. සිය ප්‍රථම ගුරුපත්වීම රත්මලාන අන්ධ විද්‍යාලයට ලබා ගන්නා සිරිල් වික්‍රමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ද ලබා ගනී. දීර්ඝ කාලයක් රංගනය ද සමඟ ගුරු වෘත්තියෙ හි ද නියළෙන ඔහු 90 දශකයේ මුල් භාගයේදී කුරුණෑගල ලක්දාස් විද්‍යලයේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක්ව සිටිය දී විශ්‍රාම ගන්නේය.

    November 11, 2017, 5:49 am 0

    අයවැයෙන් පසු වාහනවල මිල ගණන් වෙනස්වන අයුරු

    2017 නොවම්බර් 09 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැයෙන් පසුව රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී ඇත්තේ වාහන මිල ගණන් සම්බන්ධවයි. මිල ඉහළ යෑම් සහ පහල යෑම් පිළීබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට ජනතාව උත්සාහ කරයි. එම නිසාම වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වාහනවල මිල ගණන් අඩුවැඩිවීම් සම්බන්ධව අදහසු පළ කර ඇත.

    November 9, 2017, 11:44 am 0

    සයිටම් අර්බුදය ජයග්‍රාගීව නිමා වූ වගයි.

    සයිටම් යනු ඊයේ වන තෙක්ම මේ රටේ තිබුණ ප්‍රධානම අධ්‍යාපනය හා සම්බන්ධ ගැටළුවකි.විශ්ව විද්‍යාල සිසුන් මෙම ගැටළුව සදහා මහා සමාජය ද සෘජුවම දායක කරගත්තේය.ඔවුන් සිය අධ්‍යපන කටයුතුවලින් බැහැර වෙමින් නිරන්තරයෙන්ම උද්ඝෝෂණ ව්‍යපාරයන්ගේ නියළෙමින් මෙයට විරෝධය පළ කළේය.වෛද්‍ය පිඨ සිසුන් මාස 10 යක කාලයක් පන්ති වර්ජනයේ යෙදුණි.එසේම දින සති මාස ගණන් විශ්ව විද්‍යාල සිසුන් බන්ධනාගාරවල ගත කළේ සයිටම් විරෝධතාවය නිසාය.අවසානයේ සිසුන් පමණත් නොව වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් ද මීට සෘජුවම මැදිහත් විය.වෛද්‍යවරුන් ද වෘත්තීය සමිති ද මෛ අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුන්ට දිගින් දිගටම තම සහය පළ කළේය.කෙසේ හෝ වේවා දීර්ඝ දුෂ්කර ප්‍රයත්නයකින් පසුව අද දවසේ විශ්ව විද්‍යාල සිසුන් පමණත් නොව නිදහස් අධ්‍යාපනය ලබන සහ ලැබූ සියල්ලෝ ජයහ්‍රහණය කළෝය.

    November 8, 2017, 7:17 am 0

    බ්‍රිතාන්‍ය මහ රැජින ද කළු සල්ලි ජාවාරමේ

    පැනමා රාජ්‍ය මොසැඩ් පොන්සේකා සමාගම හරහා පවත්වාගෙන ගිය කළු සල්ලි ජාවාරමේ දී ලෝක දේශපාලඥයන් මෙන්ම බලවත් පුද්ගලයින්ගේ තොරතුරු පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර ගන්නා ලදි.මේවන විට එහි දෙවන පියවර ලෙස පැඩයිස් ලියවලි නමින් ජාත්‍යන්තර ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සංසදය විසින් තවත් ලෝකයේ කළු සල්ලි ජාවාරමේ යෙදුණ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් 120 දෙනෙකුගේ තොරතුරු අනාවරණය කර ඇත.

    PREVIOUSNEXT