January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

    January 3, 2018, 3:17 pm 0

    බැදුම්කරයෙන් ඇලෝසියස් : මාස පහක් තුළ ලැබූ මිලියන 11,145 ක ලාභය ඉතිහාස ගත වෙයි.

    මහ බැංකු බැදුම්කර වංචාවට අදාල ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව පසුගිය ද‍ෙසැම්බර් 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී. ඉන් පසු ජනාධිපතිවරයා විසින් 2018 ජනාවාරි 03 වන දින මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් අදාල වාර්තාවේ සම්පිණ්ඩනයක් ජනතාව හමුවේ තබන ලදි.ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එකී වාර්තාව පහත පරිදිවේ. ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපාරික ආයතනයක් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන එකොළොස් දාස් එකසිය හතලිස් පහක්( මිලියන 11145 ) ලාභයක් ලබා නැත.එහෙත් අර්ජුන ඇලෝසියස් සභාපතිත්වය දැරූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එවැනි ලාභයක් ලැබීම මෙම වංචාවේ බරපතලකම කොතෙක් ද යන්න ඒත්තු ගන්වයි.එහෙයින් මෙම කොමිසමේ නිර්දේශ මත මෙයට වගකිව යුතු පාර්ෂවයන්ට නීතියෙන් දඩුවම් ලබා දීම කළ යුතු ආකාරය නිර්දේශ කර ඇත.ඒ අනුව රවි කරුණානායක පැහැදිලි චූදිතයෙකු ලෙස නම් කිරීමත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බ්න්ධ සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කිරීම, ඔහු විසින් නොකළ යුතුව තිබූ බව කොමිසම් වාර්තාවේ සදහන්වේ.

දසත පුවත්

    October 27, 2017, 3:36 pm 0

    කොමියුනිස්ට්වාදී චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බල හුවමාරුව

    චීනය ලෝකයේ ප්‍රබලම කොමියුනිස්ට් රාජ්‍යයයි. මෙම කොමියුනිස්ට් රාජ්‍යයේ කොංග්‍රස් මණ්ඩල සමුළුව 25 රැස් වූ අතර එහි දී ඔවුන් ප්‍රබල තීරණයක් ගනු ලැබීය. ඒ වර්තමාන ජනාධිපති ෂී ජින්පින්ග් ඉදිරි වසර 5 ක කාලය තුළ චීන ජනාධිපතිවරයා ලෙස තබා ගැනීමටයි. මෙය ලෝකයටම බලපාන ප්‍රබල තිරණයක්වන අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ෂී ජින්පින්ග් දිගටම බලයේ රැදී සිටීමේ සංඥාවක් මෙයින් නිකුත්වන බවයි.

    October 26, 2017, 1:27 am 0

    සිංහල සිනමාවේ ස්වර්ණ තිළිණය ස්වර්ණා

    ලාංකීය සිනමාවේ ශක්තිමත්ම කාන්තා චරිතය කවුරුන්ද කියා ඔබෙන් යමෙක් ඇසුවොත් නිතතින්ම මතකයට නැගෙන චිත්‍රපට කිහිපය අතර ප්‍රධානම චිත්‍රපටයක් ලෙස දඩයම හා එහි රන්මලී අමතක නොවනු ඇත. එකී චරිතය ශක්තිමත් කරමින් එයට ජීවය පිරවූ නිළිය ස්වර්ණා මල්ලවආරච්චියි. ඇය පසුගිය දා පැවති සිග්නීස් හා දෙරණ සම්මාන උළෙලවල දී අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. එය සුවිශේෂ දෙයක් වන්නේ ඇයගේ තෙවන සිනමා ආගමනයේ දී ලබා ගත් පළමු සම්මානය එය වන නිසාය.

    October 25, 2017, 3:31 am 0

    නව ව්‍යවස්ථා අර්බුදය ඉදිරියේ ආණ්ඩුව දණ ගහයිද?

    මේ වන විට රට තුළ පැන නැගී ඇති අලුත්ම අර්බුදය නව ව්‍යවස්ථාවට පක්ෂ සහ විපක්ෂ කරුණු දැක්වීමයි. කාලයෙන් කාලයට නව ව්‍යවස්ථා සෑදීමේ වුවමනාව දේශපාලකයින්ට ඇතිවෙයි. බොහෝ විට ඒවායේ යටි අරමුණ දේශපාලනය මිස රටේ යහපත නොවේ. 1948 නිදහසින් පසු ස්වාධීන ජාතියක් ලෙස වඩා ශක්තිමත් ව්‍යවස්ථාවක් රට තුළ නිර්මාණය නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය අද වන විට රට තුළ උදා වී ඇත.ලෝකයේ බොහෝ රටවල් දේශපාලන වුමනාකම් මත ව්‍යවස්ථා නිර්මාණය කරන්නේ නැත. ලෝකයේ රටවල විවිධාකාරයේ ජාති ආගම්, කුල ගෝත්‍ර, මෙන්ම විවිධ සංස්කෘතීන් හා එකිනෙකාට වෙනස් හර පද්ධතීන් සහිත මිනිසුන් එක්ව ජීවත් වෙති.

    October 23, 2017, 10:01 am 0

    සැබෑ සහෘර්දයින් නොමැති කමින් පල්ලම් බහින සිංහල සාහිත්‍යය

    භාෂාවේ ආරම්භයත් සමඟ මිනිසුන් තමන්ට සිතෙන සහ දකින දේ පිළිබඳ සිතීමට පෙළඹිණි. ඒ අනුසාරයෙන් අදහස් පිටපත් කිරීමට මෙන්ම පසු කාලයකදී සෙසු මිනිසුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ද භාෂාව ඉවහල් කර ගත්හ. මිනිස් ජීවිතය සහ පරිසරය පිළිබඳ තම මනස මෙහෙයවා නිර්මාණශීලි දැකිමක් තුළින් යම් කාරණයක් ප්‍රතිනිර්මාණය කර සමාජයේ ජීවත්වන අනෙකාගේ යහපත උදෙසා ඉදිරිපත් කිරීම වාච්‍යාර්ථය ඉක්මවා ගිය සාහිත්‍යයක් වන්නේය.

    October 18, 2017, 11:41 am 0

    2020 දීත් පොදු අපේක්ෂකයා මෛත්‍රි නම්, නිසැකවම පරාජය කරනවා - ලාල් කාන්ත

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් නිසැකයෙන්ම ඔහුව පරාජය කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ මුලිකත්වය ගෙන කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සහ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ . ඩී ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. ඔහු මේ බව පවසා සිටියේ (17) දා කොළඔ දී පැවැති සේවක සංගම් රැස්වීමකදීය.

    October 17, 2017, 8:09 am 0

    ලොව ලාබාලතම නායක ගැටයා

    ඔස්ට්‍රියාවේ පසුගිය ඉරිදා පැවැති මැතිවරණයෙන් එරට මහජන පක්ෂයේ අපේක්ෂකයා මෙන්ම එරට විිදේශ ඇමති දුරය දැරු 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් ජය ගනු ලැබීය.

    October 13, 2017, 3:13 pm 0

    පොලිතින් තහනමේ ප්‍රතිපළ හොද වෙයි.

    පොලිතීන් අපේ පරිසරය විනාශ කරන ප්‍රධානම සාධකයක් වී තිබේ. ඇතැම් විට පොලිතින් මල්ල ඔබට නැතිවම බැරි දෙයක් වී තිබෙන බව ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළ විට ඔබට දැනේවි. පොලිතීන් වලට ආදේශක තිබේද? පොලිතින් මල්ල කෙතරම් පහසු ද? පොලිතීන් තහනම් කරලා කොහොමද? මේ සියළු ප්‍රශ්න ඔබ පසුගිය කාලය පුරා නැගුවේය. එහෙත් ඒ සියල්ල සඳහා මේ වන විට විසදුම් ලැබෙමින් පවතී . පොලිතින් තහනම දැන් ක්‍රියාත්මක වේ. ඒ සඳහා ආදේක වෙළඳ පොළට ලැබී තිබේ. බොහෝ දෙනා ඉතා කැමැත්තෙන් නව දවටන මළු භාවිත කරණු දක්නට ලැබේ. ඒවා පරිසර හිතකාමීය මේ වන විට පොලිතින් තහනමට අදාල ගැසට් හයක් සම්මත වී ඇති බවත් එසේම පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්සිරි මහතා පවසයි.

    October 13, 2017, 8:56 am 0

    සමාජයෙන් ගැරහුම් ලබන, බුදුන් නොදුටු නූතන දෙව්දත් - සමන්තභද්‍ර

    කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන පිටිදූවේ සිරිධම්ම හිමි කළක් දක්ෂ මෙන්ම විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රකටව සිටියහ. බුදු දහම හා විද්‍යාව සංසන්දනය කරමින් මිනිසුන්ට කාවදින ලෙස ධර්මය දේශනා කළ උන්වහන්සේ සැබවින්ම ජනප්‍රිය චරිතයක් විය. ධර්මය පිළිබඳ මනා දැනුම ද විද්‍යාව පිළිබඳ දැනුම ද පාදක කරගනිමින් නවමු මඟක් ඔස්සේ ආකර්ෂණීය ලෙස පොදුජනයාට ධර්ම කාරණා වටහා දීමට උන්වහන්සේ උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙසම පිටිදූවේ හිමියන් වටා සිවිල් බලයක් ගොඩ නැගුණේ ක්‍රම ක්‍රමයෙනි. සැබවින්ම බුද්ධිමත් සංඝයා වහන්සේ නමක් වූ උන්වහන්සේ එය තේරුම් ගෙන එකී සිවිල් බලය තම චරිතය ඔප්නංවා ගැනීමට යොදාගත් බවක් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණි.

    PREVIOUSNEXT