January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

    January 5, 2018, 3:29 am 0

    සයිටම් අහෝසිවේ: අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි.

    සයිටම් ආයතන අහෝසි කර නව ආයතනයක් පිහිටුවම සදහා සයිටම් හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දෙසැම්බර් 30 වන දින අත්සන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.ඒ අනුව සයිටම් අහෝසි වී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතේ ලාභ නොලබන නව ආයතන දෙකක් ඇරඹීමට නියමිත බව ද රජය ඒ සදහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන බව ද එම නිවේදනයේ සදහන් වේ.මෙම අවබෝධතා ගිවිසුම නිත්‍යානූකූල බවට පත්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදීමෙන් පසුවය. මේ අතර සයිටම් ගැටළුව විසදීම සදහා කොමිසම් සභාවක් පත්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දසත පුවත්

    November 3, 2017, 4:09 pm 0

    අමර සඳ බැස ගොසින් ගෙවුණි වසරක්, අද දිනට.

    ලාංකීය සංගීතයේ සුභාවිත සලකුණ වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය අවසන් සුසුම වාතලයට මුසු කළේ අදවන් දිනකදී්ය. (නොවම්බර් 03) තම දීර්ඝ ජීවන ගමනේ අඩකටත් වැඩි කාලයක් ලාංකීය සංගීතය වෙනුවෙන් කැප කළ අමරදේවයාණෝ රූප කායෙන් සමුගෙන ගියත්, හඬ පෞර්ෂයෙන් කිසිදා අප හැර නොයන්නේය. ඊයේ ද අද ද හෙට ද ඔහුගේ ගීත සහෘද සවන් පිනවන්නේය.

    November 3, 2017, 12:17 pm 0

    ඒකාබද්ධය හා S.L.F. P, අතර නොකෙරෙන දීගෙක කොන්දේසි 7 .

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වීමට නම්, කොන්දේසි 7කට එකඟවිය යුතු බව, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ ලිපියක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක වෙත යවා තිබේ.

    November 3, 2017, 10:35 am 0

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 4.1 % ක්, දිළින්දන්ය.

    රටක ජනගහණයෙන් සැලකිව යුතු ප්‍රතිශතයක් දිළින්දන් වීම තුළ,පෙන්නුම් කරන්නේ එය එම රටේ ආර්ථික සමබරතාවයේ ගිළිහී යාමක් ලෙසයි.මිනිසුන් දුගීවීම, රැකියා විරහිතවීම, ආදායම් උත්පාදනය නොවීම, යන මේවා හේතුන්ය. ගැටළුවට විසදුම් ඇත්තේ කොහේද? මේවාට බලපාන හේතු සාධක මොනවාද ? නූගත්කම ද ? එසේ නොමැති නම් වෙනයම් හේතූන්ද ? රජයේ වගකීම මොවුන් පිළිබද සොයා බැලීමයි. මසකට රුපියල් 4166.00 වඩා අවම ආදායමක් ලැබෙනවා යන්නේන්, අදහස් වන්නේ මේ ගණයට අයත් පුද්ගලයින් හෝ පවුල් කිසියම් හෝ රැකියාවක නිරත නොවීමයි.

    November 2, 2017, 3:35 pm 0

    ට්‍රම්ප් ත්‍රස්තවාදය මුවාවෙන්, ග්‍රීන් කාඞ් සිහිනය බිඳ දමයි.

    ලෝකයේ දියුණුම සහ ශක්තිමත්ම රාජ්‍යයක් සේ සලකන ඇමරිකා එක්සත් ජනපදය තුළ ජීවත්වීමට මෙන්ම එහි පුරවැසියෙකු වීම ලෝකයේ සෙසු රටවල මිනිසුන්ගේ සිහිනයකි. ඒ සඳහා ලොතරයි ක්‍රමයට වාසනාවන්තයින් තෝරා ගෙන ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබාදීමේ වැඩපිළිවල ග්‍රීන් කාඞ් ලොතරයි වැඩසටහන ලෙස හැදින්වෙයි.

    November 2, 2017, 6:55 am 0

    ද්ත්ව පුරවැසි භාවය ගීතාගේ මන්ත්‍රී ධූරය අහිමි කරයි

    රිදී තිරයේ ආකර්ෂණීය චරිතයක් වූ ගීතා කුමාරසිංහ ලාංකීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයකි එකී ජනප්‍රිය බව උපයෝගී කර ගනිමින් තම උපන් ගමට සේවයක් කළ යුතු බව පවසමින් ඇය පළමුවෙන්ම පොදු ජන එක්සත් පෙරමුණෙන් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවාය.

    October 29, 2017, 4:51 pm 0

    මුරලිදරන් ක්‍රිකට් ගැන කතා කරයි

    මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවකට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයාගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟපන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්ට් සහ එක් දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබේ. මෙවැනි හපන්කම් කළ ක්‍රිකට් වීරයෙකුගෙන් මෙරට ක්‍රිකට්වලට නෙළාගත හැකි ඥනය කොතරම් තිබේද?නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටී. ඔහුට කිසිවකුගෙන් ආරාධනාවක් ද නැත. මේ මුරලි සමඟ කළ සාකච්චාවක උපුටා ගැනීමකි.

    October 29, 2017, 3:17 am 0

    ළමා ලෝකය විචිත්‍රවත් කල සිත්තරාවිය - සිබිල් නැන්දා - ආයුබෝවේවා (90)

    ශ්‍රී ලංකාව කලාකරුවෙකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත රටක් ද? මෙම පැනය සැමදාම අසන ඇසෙන දෙයකි. ඒ සඳහා ඔබ සතුව විවිධ පිළිතුරු තිබීමට පුළුවන අප පමණක් නොව විදේශිකයින් ද මෙම පැනය විවිධ අවස්ථාවල අපේ කලාකරුවන්ට ඉදිරිපත් කරයි. ඔවුන් එයින් ගම්‍ය කරනුයේ අපේ රටේ භෞතික සම්පත්වල පවතින දුගී බවයි. එහෙත් නිර්මාණශීලි කලාකරුවෙකු බිහි කිරීමට අවශ්‍ය පරිසර සාධක නොඅඩුව ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල පවතින බව අප පිළිගත යුතුමය.

    October 27, 2017, 4:46 pm 0

    ටින් මාළු පාරිභෝජනය නවතා දේශීය දේ අරගන්න

    දකුණු මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න මේ දිනවල වඩාත් සරුවීම හේතු කොට ගෙන විදේශ රටවලින් ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.එසේ වුවත් තලපත් හා කොප්පරා යන මාළු වර්ග ගෙන්වීම සඳහා මෙම තහනම බලනොපාන බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

    PREVIOUSNEXT