January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

දවසේ පුවත

    January 8, 2018, 3:19 pm 0

    මොරගහකන්ද ජලාශය අද(08) ජනතා අයිතියට

    දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජාතියට දායාද කෙරිණි.රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප‍්‍රශ්නය විසඳා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශී‍්‍ර ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යළි සංක්‍රිය කෙරුණි.

දසත පුවත්

    November 20, 2017, 4:41 am 0

    පාප් වහන්සේ සහ ලැම්බෝගිනිය.

    ලෝක ප්‍රකට ඉතාලි කාර් සමාගමක්වන ලැම්බෝගිනි සමාගම විසින් ෆ්රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරන ලද හරකන් (HURACAN) ( ස්පාඤ්ඤ නාමය hurricane 1879 යේ ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ගව පොර සදහා තරග කරන ලද ඉතාමත් දක්ෂ ගවයෙකුගේ නාමය සිහි කරමින් නිමවන කාණ්ඩයේ වාහනයකි.) වර්ගයේ සීමිත නිපයුමක්වන මෙම මෝටර් රථය , අති උතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙත තිලිණ කිරීම පසුගිය නොවැම්බර් 15 වන බදාදා වතිකානුවේ දී සිදු කරන ලදි.

    November 20, 2017, 1:27 am 0

    කුඩු, කුඩේ කුඩු වන්නට ප්‍රථම .

    පසුගිය කාල වකවානුව පුරාවට ලංකාව පුරා විවිධ අයුරින් මත් කුඩු තොග වශයෙන් ද ඇතැම් විට සැකකරුවන් ද සමගින් නීතියේ රැහැනට හසු කර ගත් අතර ඒ පිලිබඳ සියලූම ආරක්ෂක අංශ වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.එසේ නොවන්නටල මේවා අපේම රටේ පාර්ශවයන් අතර බෙදී ගොස් බොහෝ ජීවිත අසරණ වන්නට ඉඩ තිබිණි.

    November 18, 2017, 5:00 pm 0

    උත්සාහයෙන් ජීවිතය ජයගන්න පුංචි මිනිසාගේ ආදර්ශය.

    මාවැනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි බී .වී. කුමාරසිංහ, නොහොත් පාන්දර (අන්වර්ථ නාමය) පිළිබද ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ දිනවල විවිධාකාරයෙන් අර්ථ දක්වමින් කතාකරයි.සැබවින්ම ගුණාත්මක හරවත් මෙන්ම අර්ථාන්විත ලෙස මාධ්‍ය හසුරවන්නේ නම් අප මෙවැනි මිනිසෙකුට මූලිකත්වය දිය යුතුය.

    November 17, 2017, 2:22 pm 0

    පුංචි ඡන්දය තීන්දුයි - නාමයෝජනා දැන්වීම් නොවැම්බර් 27.

    අද දින (17) මාධ්‍ය හමුවකට එක් වූ මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පළාත්පාලන මැතිවරණය සදහා නාමයෝජනා දැන්වීම් 2017 නොවැම්බර් 27 සිට නිකුත් කිරීමට තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ප්‍රකාශ කළේය.

    November 17, 2017, 8:41 am 0

    සිංහල සංගීතයේ ජන ගී සලකුණ - ලයනල් රන්වල

    ‍2002 වසරේ ඉල් මස 13 වැනි දින අප කාටත් තවත් සාමාන්‍ය දිනයක් ලෙස ගෙවී ගිය දිනයක් වූයේය.ඒ දිනය පිළිබද මතයක් මේවන විට ඔබට අපට නැත්තේය .එහෙත් මතක ආවර්ජනාව තුළ අතීතයට ඇදෙන විට යාන්තමින් හෝ මතකයට නැගේවි, ඒ දිනය ,ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ ජන ගී සලකුණ දැයට අහිමි වු දිනය බව.ලයනල් රන්වල නම් වූ ඔහු මිට වසර 15 කට පෙර හදිසි අනතුරකින් ජිවිතයෙන් සමුගෙන ගියද ඔහුගේ ජන ගී මෙහෙවර නම් අපට කිසිදා අමතක නොවේ.සිංහල ජන සංගීතය පිළිබද මෙනෙහි කරන විට W.D මකුලොලොලුව , ලයනල් රන්වල , රෝහණ බැද්දගේ යන ත්‍රිත්වය ලාංකිය සංගීත කේෂ්ත්‍රයේ වෙනස් වූ ප්‍රතිරූප වන්නේය.පෙරදිග සංගීතය පිළිබදව අධ්‍යයනය කරන රන්වලයන් සිංහල ජන ගීයේ මග සලකුණු සොයා ආපස්සට පියනගන්නේ W.D මකුලොලුව මහතාගේ ආභාෂය නිසාමය.

    November 16, 2017, 3:44 pm 0

    සිම්බාබ්වේ: මුගාබේගේ පාලනය අවසන් වීම සහ හමුදාව රටේ බලය ඇල්ලීම.

    හමුදා කැරැල්ලක් ඇති වී ඊයේ නොවැ 15 දින 40 වසරකට වැඩි රොබට් මුගාබේගේ පාලනය අවසන් කරමින් ඔහු නිවාස අඩස්සියට පත් වී ඇති බැව් වාර්ථා වෙයි. සිම්බාබ්වේ රාජ්‍යට නිදහස් ලබා ගැනීම උදෙසා නායකත්වය ගෙන කටයුතු කල මුගාබේ එරට ජනතාව බෙහෙවින් ආදරය කල නායකයෙක් විය. එසේ වුවත් ඔහුගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම අසාර්ථක ආර්ළුක කලමනාකරණය හේතුවෙන් රට අන්ත දිළිදු භාවයට පත් වී ඇත්තේය. එවැනි වාතාවරණයක් තුල මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග තුලින් බලය පැහැර ගැනිමට ඔහුටම හිතවාදී හමුදා කාණ්ඩායම් ක්‍රියාකර ඇති පව පෙනෙන්නට තිබේ.

    November 15, 2017, 6:16 am 0

    රාජ්‍ය සේවක වැටුප් - ඉහළට .

    රජයේ සේවකයින් නොවම්බර් 09 වනි දින අයවැය දෙස බලා සිටියේ තම වැටුප කීයකින් හෝ වැඩිවේයැයි යන බලාපොරොත්තුවෙනි.එහෙත් අයවැය තුළ ඒ පිළිබද සෘජු ප්‍රකාශයක් ඉදිරිපත් නොවු අතර රාජ්‍ය සේවකයින් සදහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් සකසන බව පමණක් එහි දී කියවුණි.එහෙත් ඊයේ ( 14 ) ස්වදේශිය කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ 2018 ජනවාරී සිට රාජ්‍ය සේවක වැටුප් 15% කින් වැඩිවන බවයි.

    November 14, 2017, 4:11 pm 0

    කිකිළියකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

    පකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේ 14 හැවිරිදි පිරිමි ළමයෙක් කිකිළියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ලාහෝර්වලට කිලෝ මීටර 200 පමණ දුරින් පිහිටි ජලපූර් බතින් පොලිස් ප්‍රදේශයේ හසිසාඩ් හි පදිංචිකරුවෙක් බව මාධ්‍ය වාර්තා කරයි.මෙම සිද්ධිය පසුගිය නොවම්බර් 11 සිදුවී තිබේ.

    PREVIOUSNEXT