April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

දවසේ පුවත

දසත පුවත්

    April 21, 2018, 4:14 pm 0

    උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.

    පසුගිය වකවානුවේ දැඩි මුරණ්ඩු පිලිවෙතක් අනුගමනය කරමින් උතුරු කොරියාව ලෝකයටම තර්ජනයක් එල්ල කරමින් නි්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරමින් යුධකාමී පිලිවෙතක නියැලුනේය. ලෝකයේ බලවත් රජ්‍යයන් සියල්ලටම තර්ජනය කලේය. ඇමරිකාවට සෘජු තර්ජන එල්ල කරමින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන තුට්ටුවකට මායිම් නොකලාය. එහෙත් කිසිවිටෙක ඇමරිකාව එයට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් නොවීය. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කලේම උතුරු කොරියානු නායකයා සාම මාවතකට යොමු කර ගැණිමටය.මේ වන විට ඒ උත්සහය සාර්ථක වී ඇත.

    April 20, 2018, 5:39 am 0

    ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී නිකුත් කල වාර්තාවට අනුව, 2017 දී ජී ඩී පී 2.6 ක දළ දේශීය නිෂ්පාදිතයෙන් හයවන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් කර ඇත. ඉන්දියාවට මෙම ස්ථාවරයට පැමිනෙන විට ඔවුන්ට ඉදිරියෙන් සිටින්නේ . එක්සත් ජනපදය, චීනය, ජපානය, ජර්මනිය සහ එක්සත් රාජධානිය පමණි..

    April 10, 2018, 12:47 am 0

    අගමැතිට එරෙහි වූ ඇමතිවරු කැබිනට් රැස්වීමට ද නොයයි.

    විශ්ශ්‍වාසභංගයේ දී පක්ෂව චන්දය ලබා දුන් ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් වී තිරණය කර ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස මෙය සිදු කරන බව සදහන්ය.

    April 9, 2018, 2:01 am 0

    එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අවුලෙන්, රටත් අවු‍ලෙන් අවුලට

    රටක් පාලනය කරන පාලක පක්ෂයක අභ්‍යන්තර අර්බුද එම රටේ පොදු මහජනතාවට බලනොපානවා යැයි කිසිවෙකුට කිව නොහැක.රාජ්යන පාලනය කිරීමට මහජනයාගේ නියෝජිතයෝ පක්ෂ කණ්ඩායම් වශයෙන් එක් විය යුතුය.ඒසේ වුවත් පක්ෂ කණ්ඩායම්වල අභ්‍යන්තර ආරවුල් විසින් රාජ්‍යයේ පැවැත්ම අස්ථාවර කරන්නේ නම් ඊට සෘජුවම එම කණ්ඩායම් වගකිව යුතුය. ඔවුන්ගේ පුද්ගලික අරමුණු සහ අපේක්ෂාවන් වෙනුවෙන් රජ්‍යය භාවිතා කිරීම ඛේදජනක තත්වයකි.

    April 7, 2018, 7:15 am 0

    ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනීමේ නිය්‍යයෙන් ක්‍රියාත්මක වන ලංකාවේ නව බදු ක්‍රමය.

    අය-වැය යෝජනා ක්‍රියාත්මක වෙමින් තිබේ. 2018 වසරේ අය වැය ඉදිරිපත් කළ ආණ්ඩුව වක්‍ර බදු අඩුකරන බව කියා සිටියේය. සෘජු බදු ප්‍රතිශතය නංවන අතර එය විනිවිද පෙනෙන බදු ක්‍රමයක ආරම්භය වනු ඇති බව සඳහන් කළේය. බදු වැඩි කරන උපදෙස් මූල්‍ය අරමුදලේ එකකි. ආණ්ඩුව යහපාලන නමුත් ප්‍රතිපත්ති හදන්නේ මූල්‍ය අරමුදලයි. රජයේ ගෙවුම් ශේෂ අර්බුදය පාලනය කර ගැනීම සඳහා තාවකාලික ණය සංචිතයක් ගැනීමේදී අරමුදලේ නිලධාරීහු එම ණය වෙනුවෙන් කොන්දේසි පැනවූහ. බදු වැඩි කිරීම එයින් එකකි. පවතින බදු අනුපාත අනුව සෘජු බදු සියයට අසූවක් වන විට වක්‍ර බදු සියයට විස්සක් බව මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය. එය වෙනස් කරන සේ බල කළේය. කිසිසේත් මූල්‍ය අරමුදලේ විධිවිධාන අනුගමනය නොකරන බවට වේදිකාවේදී පොරොන්දු වන මෙරට දේශපාලනඥයන් මෙරට අය-වැය යෝජනාවලට ඒවා රිංගවා තිබේ.

    April 6, 2018, 3:28 am 0

    විසිඑක් වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලේ බර ඉසිලීම් ඉසව් වලින් චතුරංග සහ දිනූෂා පදක්කම් දිනයි.

    විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.එම පදක්කම් දෙක දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සහ ක්‍රීඩක චතුරංග ලක්මාල් ජයසූරිය විසිනි.

    April 4, 2018, 4:05 am 0

    ව්‍යජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් කිරීමට මෝදි මෝඩ නොවෙයි.

    ව්‍යාජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය යුතු බවට නියෝග කළ යුතු යැයි යන යෝජනාව ලෙන ආ ඉන්දීය අමාත්‍ය ස්මිත්‍රී ඉරාණී විසින් ගෙන ආ නියෝගය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉවත් කර තිබේ.ව්‍යජ පුවත් මවමින් ඒවා පළකරන මාධ්‍යවේදීන් සොයා ඔවුන්ගේ මාධ්‍ය අනන්‍යතාවය අහිමි කළ යුතු බව මෙම නියෝගය මගින් දක්වා තිබුණී.මේ යෝජනාවට ඉන්දීය මාධ්‍ය විසින් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

    April 3, 2018, 4:21 pm 0

    සජිත්ගේ ආගමනය සහ යහපාලන දීගයේ අවසන් හෝරා කීපය.

    දේශපාලන පරිණතභාවය, දේශපාලනය තම වෘත්තීය කරගත්තාවුන්ගේ ශරීරය පුරාම දිවයන රුධිරයට සමාන වන්නේය.තමන්ට ජීවය ලබාදෙන තම ශරීරයේ රුධිරය පුද්ගලයෙකු හිතාමතාම අපිරිසිදු කර ගන්නේ නම් ඔහු ජීවිතය පිලිබද කිසිදු ආදරයක් හෝ අවබෝධයක් නොමැති අමන මරි මෝඩ තකතීරුවෙකි.මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් තමා විසින්ම තම දේශපාලන චරිතය විනාශ කරගත් අවස්ථා ඇත්තේම නැත.ඩී.එස්, ජේ. ආර්,ප්‍රේමදාස ,චන්ද්‍රිකා හෝ මහින්ද රාජපක්ෂ යන කිසිවෙකු තමන් විසින් හිතාමතාම කිසිවිටෙක තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන නැත. ඒසේ වුවත් මැත යුගයේ දේශපාලන භූමිකාව තුල ක්ලීන් මෑන් යන විරුදාවලිය ලත් හතර වතාවක් තම දෙපතුල ළගට අගමැති තනතුර ලැබී එය ආරත්ෂා කර ගෙන සාර්ථක නායකයෙකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලකය තුල නමත් තබා ගැනීමට තිබූ අවස්ථාව තමන් විසින්ම නැති කරගත් දේශපාලඥයෙකු සිටී නම් ඒ අන් කවරෙක් වත් නොව රනිල් වික්‍රමසිංහම පමණි.සහබුද්ධික පරිණත උපායශීලී දේශපාලකයින් දේශපාලන පොර පිටියේ කෙටි මාර්ග සොයමින් ගේම් ගහන්නේ නැත.ශූර දේශපාලකයා කරණුයේ ජනතාව ඇස් බැන්දුමකට ලක් කරමින් දේශපාලක පොර පිටියේ මැජික් සන්දර්ශන පැවැත් වීමයි. මේ සදහා අපට ආසන්නම උදාහරණ එමටයි.

    NEXT